Fold දුරකථන තරඟයට එන Huawei Mate X

පසුගිය ලිපියකින් Samsung සමාගම නිකුත් කරපු නැවිය හැකි දුරකථනය පිළිබඳව විස්තර ගැන අපි ඔබව දැනුවත් කලා. ඒ එළිදැක්වීමෙන් දින කිහිපයකට පසුව තවත් ප්‍රසිද්ධ ස්මාර්ට් දුරකථන නිෂ්පාදනය කරන සමාගමක් වන Huawei සමාගමත් එවැනිම නැවිය හැකි ස්මාර්ට් දුරකථනයක් එළිදැක්වූවා. මේ නව දුරකථනය Huawei Mate X ලෙස නම් කර තිබෙනවා.

මේ Huawei Mate X දුරකථනයත් කලින් නිකුත්වුනු Samsung Galaxy Fold දුරකථනය වගේම නැමූ විට සාමාන්‍ය ස්මාර්ට් දුරකනයක් විදිහටත් දිගහැරූ විට ටැබ්ලට් එකක් විදියටත් භාවිතා කල හැකි හයිබ්රිඩ් ඩිවයිස් එකක්. ඒවගේම Huawei Mate X දුරකථනයත් කලින් නිකුත්වුනු Samsung Galaxy Fold දුරකථනයත් අතර මූලිකම වෙනස වනුයේ galaxy fold දුරකථනයේ තිරය ඇතුලට අකිලෙන දිගහැරෙන ලෙස නිර්මාණය කර තිබුනත් Huawei Mate X දුරකථනයේ තිරය පිටතට දිගහැරෙන අකිලෙන ලෙසට නිර්මාණය කර තිබීමයි.

Huawei Mate X හි නම්‍යශීලි තිරය

Image Copyright: AndroidPIT

Mate X දුරකතනෙය් ඉදිරිපස සම්පුරණ තිරයක් විදියටත් පසුපස ප්ලාස්ටික් වලින් නිර්මාණය වුවක් විදියටත් දකින්න පුළුවන්. මෙහි පසුපස කොටසේ එක කෙලවරකින් මේ ඩිවයිස් එක  අතේ රඳවාගැනීමට උදව්වෙන ග්‍රිප් එක දකින්න පුළුවනකම ලැබෙනවා. එමෙන්ම මේ ග්‍රිප් කොටසේ ඇති කැමරා තුනක් අඩංගු කැමරා පද්ධතියක් දැකගන්න පුළුවන්. මේ ඩිවයිස් එක දිගහැරපු විට Pixcel 2480 x 2200ක Resolution එකක් සහිත අඟල් 8ක Display එකක් විදියටත් හැකිලූ විට එක් පසක Pixcel 2480 x 1148ක Resolution එකක් සහිත අඟල් 6.6 Display එකකුත් කැමරා පද්ධතියක් යුතු ග්‍රිප් එක සහිත අනෙක් පස Pixcel 2480 x 892ක Resolution සහිත අඟල් 6.38ක Display එකක් විදියටත් දැකගන්න පුළුවන්.

Huawei Mate X හි Specs

Image Copyright: Android Authority

Huawei සමාගම Mate X දුරකථනයට ඔවුන්ගේ flagship දුරකථනයන්හි එන නවතම තාක්ෂණයන් ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙනවා. Huawei Mate X 20 Pro සහ ඉදිරියේදී නිකුත්වීමට නියමිත P30 දුරකථනයන් බලගැන්වෙන Huawei සමාගමේම නිෂ්පාදනයක් වන Krin 980 SoC එකකින් මේ අලුත්ම Mate X දුරකථනය බලගැන්වෙනවා.

ඒවගේම මෙහි ඇති තවත් විශේෂ උපකරණයක් වන Huawei සමාගමේම නිෂ්පාදනයක් වන Balong 5000 5G මෝඩම් උපකරණයෙන් 4.6Gbps දක්වා දත්ත හුවමාරු වේගයක් ලබා ගත හැකි බව Huawei සමාගම පවසනවා. එමෙන්ම Huawei කියන විදියට මේ Balong 5000 5G මෝඩම් එක Galaxy S10 සහ Xiaomi  Mi Mix 3 5G වගේ වෙනත් 5G දුරකථන වල එන Snapdragon X50 මෝඩම් එකට වඩා දෙගුණයක් වේගවත්. ඒවගේම මෙහි වේගය දැනට භාවිත කරන 4G තාක්ෂණයට වඩා දහගුණයක් වේගවත්, තවත් විදියකින් කියනවනම් ගිගාබයිට්(GB) එකක් වෙන චිත්‍රපටියක් තත්පර 3 කින් ඩවුන්ලෝඩ් කරගැනීමට මේ තාක්ෂණය හරහා අවස්ථාව ලැබෙනවා.

Image Copyright: Digital Trends

Mate X  දුරකථනය 8GB RAM ධාරිතාවකින් සහ 512GB Storage එකකින් සමන්විතයි. එමෙන්ම විශාල 4500 mAh බැටරි දෙකක් සහ USB-C වර්ගයේ Charging Port එකක්ද ඇතුලත්. කොහොමවුනත් මේ දුරකථනයේ පාරිභෝගිකයින් බොහෝදෙනෙක් බලාපොරොත්තු වෙන Headphone Jack එකක් දකින්න ලැබුනේ නැහැ.

මේ දුරකථනයේ තවත් විශේෂ Feature එකක් වෙන්නේ මෙහි ඇති 55W  සුපර් චාජින් පහසුකමයි. මේ පහසුකමෙන් Mate X දුරකථනයේ තිබෙන විශාල 4500 mAh බැටරියේ 85%ක ප්‍රමාණයක් විනාඩි 30ක් වැනි කාලයකදී Charge කරගැනීමේ හැකියාව තිබෙන අතර Huawei Mate X ඇමරිකානු ඩොලර් 2600ක පමණ මිලකට එළබෙන ජුනි මාසයෙන් පසුව මිලදීගත හැකිවෙනු ඇති බවට වාර්තාවනවා.

Image Copyright: Pocket-lint

කොහොම වුනත් තවමත් වෙළඳපොළට නිකුත්කර නැති Huawei Mate X දුරකථනය ගැන අපි නොදන්නා දේවල් බොහොමයක් තියෙනවා. මේ දුරකථනයේ Software කොයිවිදියට වැඩ කරයිද ? මේ විශාල නැමෙනසුලු තිරය කොයි විදියට වැඩ කරයිද ? තිරය නැමෙනසුලු එකක් නිසාම එහි කල්පැවැත්ම කොහොම වෙයිද ?  වගේ විවිධ ප්‍රශ්න රැසක් තිබුනත් මේ දුරකථනය Samsung Galaxy Fold වැනි මේ වර්ගයේ අනෙක් දුරකථනවලට සැහෙන අභියෝගයක් වෙන බව නම් පැහැදිලියි.A