ඔබේ මුදල් කලමනාකරණය කරගන්නේ මෙහෙමයි !

0
1784

1. පොලීය සඳහා වැඩි මුදලක් නොගෙවීම

හදිසි ආපදා තත්වයන් ලෙඩ දුක් අපේ ජිවිතයට එන්නේ කියා කියා නෙවෙයි. ඒ නිසා නිරන්තරයෙන් ඔබේ ඉතුරුම් ගිණුමේ යම් තැන්පතුවක් පවත්වාගෙන යාම ඉතාම වටිනවා. එහෙත් ඔබ ඔබේ credit කාඩ් සදහා 15% හෝ 20% අතර මුදලක් ගෙවන කෙනෙක් නම් ඉතුරු කිරීම් සදහා ඔබට ලැබෙන්නේ 1.25% වගේ පොලියක් නම් ඔබ ඉතුරු කරන්නේ අනවශ්‍ය පොලියක් ගෙවීමට බව අමතක නොකළ යුතුයි. මෙය කළමනාකරණය කර ගැනීම ඔබ සතු කාර්යයක්.

2. අලුතෙන්ම දේවල් මිලදීගැනීමට නොපෙළඹීම

ඇත්ත. අලුතෙන් දෙයක් ගන්න එකේ අමුතු ගතියක් තියෙනවා. හැබැයි බොහෝ වෙලාවට ඒ ගතියට වඩා අපි ඒ වෙනුවෙන් වියදම් කරන මුදල ලොකු නාස්තියක් වෙන්න පුළුවන්. නිකං මොකටද ස්ටිකර් වලට සල්ලි ගෙවන්නේ. බැහැයි ඒකෙන් කියවෙන්නේ නෑ පරණ ලඩි ගන්න කියලා. කාර් එකක් උදාහරණයක් විදියට ගත්තොත් අවුරුද්දක් 2ක් පාවිච්චි කරපු කාර් එකක් ගන්න පුළුවන්නම් ඒක ලොකු මුදලක් ඉතුරු වෙන දෙයක්. ඒ වගේම තමයි ජංගම දුරකථන, පරිගණක වගේ තාක්ෂණික උපකරණත්.

3. තාක්ෂණික උන්මාදය අඩුකිරීම

තාක්ෂණික උන්මාදය නිසා අලුතින් වෙළද එන හැම දේම මිලදී ගන්නට යාමත් එටරම් නුවනට හුරු කටයුත්තක් නොවෙයි.මස කිහිපයක් ඉවසීමෙන් ගත කලොත් එම නිෂ්පාදනයම ඉතා අඩුමිලට මිලදී ගැනීමට අවස්ථාවක් ඔබට උදා වෙන්න පුළුවන් ඒවගේම එය මුල්ම නිෂ්පාදනයට වඩා බොහෝ දෝෂ නිවැරදි කර නිපදන ලද්දක් වෙන්ටත් පුළුවන්.එය නිතරම ඔබට වැසි සහගත මිස අවැසි සහගත නොවන බව සිහි තබා ගත යුතුයි.

4. වෙළද නාම උන්මාදය අඩුකිරීම

සම නිෂ්පාදනයක් උවත් අඩු මිලට ගැනීමේ හැකියාව තිබියදී වෙළද නාමය නිසා ඉතා අදික මිලක් ගෙවා මිලදී ගැනීමත් ඔබේ පුරුද්දක් වියහකියි. එකම අමුද්‍රව්‍ය යොදා නිපදුවත් ඉතා ඉහල වෙළද නාම ඇති සමාගම් වල නිෂ්පාදන වියදම ඉතා ඉහල බැවින් ඔබ ගෙවන්නේ අනවෂ්‍ය මුදලක් බව ඔබට වටහා ගත හැකි විය යුතුයි.

5. පොත් පත් වැනි දේ මිලදී නොගැනීම

100% කම ය කිරීමක් නොමැතිව ඕන තරම් පොත්පත් කියවීමට පුස්තකාල පවතිද්දී සිල්ලර වටිනාකම ගෙවා ඒවා මිලට ගැනීම අනවශ්‍ය ක්‍රියාවක් බව ඔබ සිතිය යුතුයි. බොහොවිට එක වතාවක් කියවූ පසු නැවත භවිත නොවන පොතක් නම් එය විශේෂයෙන්ම වැදගත්. අවශ්‍ය ප්‍රමාණයට වැඩ පුස්තකාල වල පොත් පත් තිබුනත් ඔබට අවශ්‍යම පොත එහි නොමැතිනම් පුස්තකාල සදහා ඕනෑම අවස්ථාවක ඒවා ඇනවුම් කර හෝ online මගින් ඇනවුම් කර හෝ ගෙන්වා ගත හැකි බවත් අමතක කරන්න එපා.