Pop-up තරඟයට එකතුවෙන Honor මෙන්න

0
1497

ලෝකයේ නොයෙකුත් දුරකථන නිෂ්පාදන සමාගම් pop-up කැමරා සහිත දුරකථන හඳුන්වාදීමත් සමඟින් මේ වනවිට එය රැල්ලක් බවට පත් වී අවසන්. මෙම නවතම තාක්‍ෂණයන් එක් එක් දුරකථන නිෂ්පාදන සමාගම් විසින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා යොදාගැනීමට යම් කාලයක් ගත වනවා. ඒ නිසා මේ වෙනකොටත් නොයෙකුත් දුරකථන සමාගම් pop-up කැමරා ඔවුන්ගේ දුරකථන සඳහා යොදාගනිමින් සිටිනවා.

Huawei සමාගමේ උප වෙළඳ සන්නාමයක් වන Honor ද ඔවුන්ගේ ප්‍රථම pop-up කැමරා සහිත දුරකථන හඳුන්වාදීමට සුදානම් බව නිවේදනය කර තිබෙනවා. Honor 9X සහ 9X Max ලෙසින් දුරකථන ද්විත්වයක් නුදුරේදීම වෙළඳපොළට පැමිණීමට නියමිත අතර මෙම දුරකථන ද්විත්වය සඳහා pop-up කැමරා ඇතුළත් කර තිබෙන බව සඳහන්. මෙම නවතම දුරකථන සඳහා Finger print පහසුකම මෙම දුරකථන වල දකුණුපස දාරයේ අඩංගු බව ද වැඩිදුරටත් සඳහන් වන අතර ඒ අනුව මෙම දුරකථන සම්පුර්ණ තීරයන් සහිතව දැකගැනීමට පුළුවන්.

මෙම දුරකථන ද්විත්වය මේ මස අග භාගයේදී පමණ චීනයේ දී නිකුත් වීමට නියමිත බව විවිධ පුවත් සඳහන් කර තිබෙන අතර අනෙකුත් රටවල් සඳහා මෙම දුරකථන නිකුත් කරන දිනයක් නිළ වශයෙන් සඳහන් කර නොමැත. නමුත් චීන වෙළඳපොළට නිකුත්වන දිනයේදීම අනෙකුත් ප්‍රධාන වෙළඳපොළවල් සඳහාත් මෙම දුරකථන ද්විත්වය නිකුත් වීමට වැඩි ඉඩකඩක් පවතී.