ආරක්ෂාව වැඩි කරගන්න, “Google Titan Key” මෙන්න

0
961

මෑත ඉතිහාසයේ ගෙවී ගිය කාලයත් වර්තමානයේ දැනට ගෙවෙමින් යන කාලයත් සාමාන්‍ය මිනිස් ජීවිතය දැඩිව තාක්ෂණය හා බැඳී පවතින්නක් වන අතර එය අනාගතයේදී තවත් සංකීර්ණ වනු ඇත. ඒ නිසාම තාක්ෂණය ගැන කතාකරන විට පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ගැන දැඩි අවදානයක් යොමු කිරීමට සිදුවෙනවා. 

මේ නිසා අපි තාක්ෂණය හා කටයතු කිරීමේදී අපගේ පුද්ගලිකත්වය සහ රහස්‍යභාවය සඳහා විවිධ දෑ අනුගමනය කරනවා. උදා:- මුරපද (Passwords), Two Factor Authentication, Security Patterns වැනි දෑ භාවිතා කරනවා. ඉතින් පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සඳහා විවිධ තාක්ෂණික සේවා සපයන ආයතන විටින් විට අළුත් අළුත් ක්‍රම හඳුන්වාදෙනවා. ඒ අතර Google සමාගම විසින් හඳුන්වාදුන් “Titan two-factor authorization security key” එක සඳහා විශේෂ තැනක් හිමි වෙනවා.

මොකක්ද මේ “Google Titan Key” කියන්නේ

Image Copyright: TechCrunch

ඇත්තටම මෙය ගොඩක් Passwords , Security Patterns වලට විකල්පයක් විදිහට තමයි හඳුන්වාදීලා තියෙන්නේ. සරලවම ගතහොත් මෙය ද “Two Factor Authentication” ආකාරයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් එය සාම්ප්‍රදායික “Two Factor Authentication” ආකාරයට වඩා තරමක් වෙනස්. උදා:- කිසියම් මෘදුකාංගයකට අපිට ඇතුළු වෙන්න අවශ්‍යනම්, මුලින්ම එම මෘදුකාංගය අඩංගු Divice එකට (Computer හෝ Mobile Phone) මේ “Google Titan Key” එක Pendrive එකක් විදිහට සම්බන්ද කිරීමට සිදුවෙනවා.

තවත් විදිහකින් කියනවනම් මේ “Google Titan Key” එක නැතුව අදාළ මෘදුකාංගය භාවිතයට හැකියාව ලැබෙන්නේ නැත.  මේ “security key” එක පෙනුමෙනුත් ඇත්තටම යතුරක් වගෙයි. මේ Key එක input divice එකක් විදිහට අපේ පරිඝණකයකට හෝ දුරකථනයකට, Tab එකකට වුවත් භාවිතා කරන්න පුළුවන්. මෙය USB, NFC, සහ Bluetooth යන ඕනෑම ආකාරයකින් සම්බන්ද කළ හැකියි.

මෙය විශේෂයෙන්ම ඉතාමත් සංවේදී දත්ත හා තොරතුරු සමඟින් කටයුතු කරන පුද්ගලයන් සඳහා හඳුන්වා දී තිබෙන අතර එය ඉතාමත් ඵලදායී උපකරණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙය ඇමරිකා වෙළඳපොළ සඳහා මීට වසරකට පමණ කළින් නිකුත් කර තිබුණා. කෙසේනමුත් මේ වනවිට කැනඩාව, ජපානය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය  වැනි රටවල් කිහිපයක Google Online Store හරහා මිලදී ගැනීමට හැකියාව පවතිනවා. 

දැනට ඉහත රටවල් කිහිපයකට පමණක් සීමා වී තිබෙන මෙම Google Titan Key එක නුදුරෙදීම අනෙකුත් වෙළඳපොළවල් සඳහාද නිකුත් වේයැයි බලාපොරොත්තු විය හැකිය.