Google සතු Motorola කොටස් Lenove වෙත විකුණා දැමේ

1

2012 වසරේ දී Google සමාගම විසින් Motorola සමාගම ඩොලර් බිලියන 12.5 කට මිලදී ගත් බව ඔබ දන්නවා ඇති. ඒත් එලෙස මිලදී ගත් කොටස් මීට පැය කිහිපයකට පෙර විකුණා දැමීමට තීරණය කර බව නිවේදනය කොට තිබෙනවා. එලෙස එම කොටස් විකුණා දැමෙන්නේ Lenovo සමාගම වෙතයි. වසර 2ක වෙළදාමෙන් පසුවත් ලාබ නොලැබීමයි.

Google තම Motorola කොටස විකුණා ඇත්තේ ඩොලර් බිලියන 2.91 කට. මින් මිලියන 660ක් මුදලින් ද මිලියන 750ක වටිනාකමින් යුත් Lenovo කොටස් ප්‍රමාණයක්ද ඊට ඇතුලත් අතර ඉතිරි මිලියන 1.5 අවුරුදු තුනක ගිවිසිමකට යටත්ව ගෙවීමට තීරණය කරගෙන තිබෙනවා.

Lenovo සමාගම විසින් මෙලෙස මිලදී ගත් දේ අතර Motorola සන්නාම නාමයත්, Moto X සහ Moto G ඇතුළු සියලු උපාංග සදහා කල ආයෝජනයත් 2000 කට අධික පේටන්ට් බලපත්‍ර හුවමාරුවකුත් මේ ගනුදෙනුවට ඇතුලත් ය. නමුත් Google සතුවූ මොටොරොලා පේටන්ට් බලපත්‍රවලින් බහුතරයක් තවමත් Google ට හිමියි.