Google Pixel 4 එකට එන සුපිරි වැඩ කෑලි මෙන්න

0
468

ලෝකප්‍රකට Google සමාගමේ Pixel දුරකථන මාදිලියේ මීළඟ සුපිරි දුරකථනය වන Google Pixel 4 මේ වසරේ අග භාගයේදී නිකුත් වනු ඇත. Google සමාගම විසින් ඔවුන්ගේ මීළඟ Pixel දුරකථනය නිකුත් වෙන්න තව ටික කාලයක් තිබියදී එම දුරකථනය ගැන Video එකක් අන්තර්ජාලයට එක්කොට තිබෙනවා.

පැමිණීමට නියමිත නවතම Google Pixel දුරකථනයේ මින් පෙර විවිධ දුරකථන වල දැකිය හැකි සුපිරි තාක්ෂණයන් කිහිපයක්ම එක්කොට තිබෙනවා. ඒ කියන්නේ එක් එක් දුරකථන වලට සාපේක්ෂව තිබෙන සුපිරි තාක්ෂණික අංග කිහිපයක්ම මෙම Google Pixel 4 සඳහා ලබාදීමට Google ආයතනය කටයුතු කර තිබෙනවා.

Motion Sense (මෝෂන් සෙන්ස්) විශේෂාංගය Google Pixel 4 දුරකථනය සතු වීම මෙහි ඇති සුවිශේෂීම කාරණය වෙනවා. එයින් ඔබේ අත්ල හඳුනාගෙන ඒවා මෘදුකාංග පාලනයට පරිවර්ථනය කරනු ලබනවා. ඒ කියන්නේ දුරකථනය අතින් අල්ලන්නේවත් නැතුව අතින් කරනු ලබන විධානයන් මත පදනම්ව දුරකථනය ක්‍රියා කරවීමට හැකියාව තිබෙනවා. මේ සඳහා Google සමාගම විසින් 2016 වසරේදී හඳුන්වාදුන් “Soli” නමැති “Radar” (රේඩාර්) මත පදනම් වූ තාක්‍ෂණයක් යොදාගෙන තිබෙන අතර ඒ අනුව Google Pixel 4 දුරකථනය “Soli” තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවන ලොව ප්‍රථම දුරකථනය වෙනවා.

Google සමාගම විසින් මෙවර “Face unlock” පෙරට වඩා වෙනස් අයුරකින් Google Pixel 4 දුරකථනය සඳහා භාවිතා කර තිබෙන අතර “Soli” තාක්ෂණයද  මේ සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. ඒ කියන්නේ ඔබ දුරකථනය ගැනීමට අත දුරකථනය වෙත ලං කිරීමේදී Face unlock සංවේදක ක්‍රියාත්මක වෙනවා. එය ඉතා පහසුවක් මෙන්ම විටෙක දුරකථනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජුවම බලපෑමට ද හැකිය.

කොහොම වුවත් Google pixel 4 දුරකථනය දැනට ඇති දුරකථන සඳහා විශාල අභියෝගයක් දීමට හැකි දුරකථනයක් වීමට වැඩි ඉඩක් තිබෙන අතර දැනට නිල වශයෙන් සඳහනක් නොවුනත්, පෙර Pixel දුරකථන නිකුත් කල කාළයන් අනුව නවතම Google Pixel 4 දුරකථනය එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී නිකුත් වීමට ඉඩකඩ තිබේ.