Google I/O 2019 නුදුරේදීම

ලෝකයේ විශාලතම තාක්ෂණික සමාගම වන Google සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Google I/O පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්, මෙහිදී Google සමාගම ඔවුන්ගේ නවතම Hardware , Software සහ ඔවුන්ගේ දැනට ඇති Apps සහ සේවාවන් සඳහා නවතම Updates ඇතුළු බොහෝ දේ හඳුන්වාදෙනු ලබන අතර මෙවරත් Google I/O එළඹෙන මැයි මස 7 සිට 9 දක්වා පැවැත්වීමට නියමිතයි.

Google I/O 2019 Event එකේ අපිට බලාපොරොත්තු විය හැකි දේවල්

Image Copyright: Aeologic Technologies Pvt Ltd

දැනට Google සමාගම විසින් නිල වශයෙන් මෙවර Google I/O හිදී හඳුන්වාදීමට යන දෑ පිළිබඳව සඳහන් කොට නොමැති අතර මෙම Event එකේදී නිකුත් වේයැයි අනුමාන කල හැකි තොරතුරු කිහිපයක් අතරින් මෙවර Google I/O හිදී නවතම Android Q මෙහෙයුම් පද්ධතිය නිකුත් වේයැයි බලාපොරොත්තු විය හැකිය. ඒ වගේම Google Game Service එක වන “Stadia” ගැන නවතම තොරතුරු රැසක් නිකුත් වේයැයි බලාපොරොත්තු විය හැකිය.

Google I/O Extended 2019 ලංකාවේ තියෙන Events

Image Copyright: Android Authority

Google සමාගම විසින් Google I/O Event එක සෑම වර්ෂයකම ලොව පුරා සිටින ජනතාවට Youtube හරහා නැරඹීමට අවස්ථාව උදාකර දෙනවා. බොහෝ රටවල ඇමරිකාවේ Google I/O Event එකට සමගාමීව ඒ ඒ රටවල Google I/O Extended Events සංවිධානය කරනු ලබන අතර ලංකාවේ විශාලතම සන්නිවේදන සමාගම් දෙකක් වන Dialog සහ Mobitel ආයතන ලංකාවේ අපිටත් Google I/O Extended Events සංවිධානය කරනු ලබනවා.

ලංකාවේ අපිටත් මෙම Events වලට සහභාගී වීම හරහා විශාල දැනුමක් වගේම ලොව පුරා පැවැත්වෙන මෙම Google I/O Event එකේ කොටස් කරුවෙකු වීමට ද හැකියාව තිබෙන අතර ඇමරිකාවේ පැවැත්වෙන Google I/O 2019 Event එකට සමගාමීව ගියවර මෙන්ම මෙවරත් Dialog සහ Mobitel සමාගම් මඟින් Google I/O Extended සංවිධානය කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.