Google සමාගමෙන් අලුත්ම තාලයේ ඇප් එකක් – INBOX (වීඩියෝ සහිතයි)

, , Leave a comment

Gmail කියන්නේ ලොව පුරා වැඩිම දෙනෙක් භාවිත කරන ඊමේල් සේවාව විදියට Gmail හඳුන්වන්න පුළුවන්. ඒත් ඒ සේවාව තවදුරටත් වැඩිදියුණු කරන්නට Google සමාගම අලුතෙන් app එකක් හඳුන්වා දුන්නා. Gmail ට සම්බන්ධතාවයක් නැතිව වෙනමම හඳුන්වා දෙන මේ අලුත් ඇප් එක Inbox කියලයි හඳුන්වන්නේ.

Google නිල බ්ලොග් අඩවියේ සඳහන් පරිදි මේ අලුත් ඇප් එක ඊමේල් ගොනු කර දැක්වීමට හඳුන්වාදුන් Social හා Promotion Tab වල ආකාරයටයි ක්‍රියාකරන්නේ. ඒ වගේම ඔබට ලැබෙන එක ආකාරයේ ඊමේල් පණිවුඩ එකට ගොනු කර දැක්වීමට මේ අලුත් ඇප් එකට හැකියාව තියෙනවා. ඉතින් ඔබේ බැංකු ලිපි ලේඛන හා බිල්පත් වෙන වෙනමම ගොනු කරන්නට මේ ඇප් එකට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය පරිදි ලිපි ගොනු කරගන්නටත් හැකියාව තියෙනවා.

See also: Google සමාගමේ රහසිගත ව්‍යාපෘතියක තොරතුරු හෙළිවේ (වීඩියෝ සහිතයි)

ඒ වගේම වැදගත් ඊමේල් පණිවුඩ සඳහා වැඩි අවධානයක් දෙන්නටත්, මිතුරන් ඔබට එවන ඡායාරූප, ගුවන් ගමන්, ඉදිරියට නියමිත උත්සව හා වැඩසටහන් පිළිබඳ විස්තරත් වෙන වෙනමම ලබා දෙන්නට මේ ඇප් එකට හැකියාව තිබෙනවා. ඒ වගේම ඊමේල් පණිවුඩයේ සඳහන් විස්තර වලට අදාල වෙනත් තොරතුරු අන්තර්ජාලයෙන් උකහා දක්වන්නටත් හැකියාව තිබෙනවා.

 

w640Reminders හරහා ඔබට එදිනෙදා කාර්යයන් මතක් කර දීමටත්, ඒ සමඟම ඒ හා සම්බන්ධ තොරතුරු සපයන්නට පුළුවන්. උදාහරණයක් විදියට ඔබ හෝටල් කාමරයක් වෙන්කර විට ලැබෙන ඊමේල් පණිවුඩය සමඟ ඒ හෝටලය පිහිටි ස්ථාන පිළිබඳ සිතියමක් ඇතුලත් කරන්නට Inbox ඇප් එකට හැකියාව තිබෙනවා.

මේ ඇප් එක නිපදවීමේ කාර්යය වසර ගණනක ක්‍රියාවලියක් බවත්, ඒ සඳහා සම්පූර්ණ දායකත්වය ලැබුනේ Gmail සේවක පිරිසගෙන් බවත් Google සමාගම පවසනවා. Google මෑතකදී හඳුන්වා දුන් නව අතුරු මුහුණත් රටාවක් වන Material Design අනුව නිර්මාණය කර ඇති මේ ඇප් එක Android 4.1 හා iOS 7 සිට ඉහලට සහාය දක්වනවා. කෙසේ නමුත් මේ වනතෙක් Download කිරීම සඳහා අවස්ථාව සලසා නැති මුත් ඒ සඳහා Invite ඉල්ලීමට ඔබට inbox@google.com වෙත ඊමේල් පණිවුඩයක් යොමුකල හැකියි.

inbox-003-2040.0 google-inbox-1 inbox2-e1413999691482

[signoff predefined=”Tech Guru Facebook Like”][/signoff]

 

Leave a Reply