Google දෙවියා ගැන ඔබ නොදන්නා විශ්මිත කරැණු 10ක්

, , Leave a comment

01) ඔබ විශ්වාස නොකරාවි Google Homepage තුල කිසිවක් අන්තර්ගත නොවන පාලු ස්වාභාවයක් ඇත්තේ Google සොයා ගත් Sergey Brin හා Larry Page යන දෙදෙනාටම HTML පිලිබදව කිසිදු දැනුමක් නොමැති බැවින් හා ඔවුන්ට වඩාත් ඉක්මන් interface එකක් අවශ්‍ය වූ බැවිනි. එම නිසා ලොව ඕනෑම කෙනෙක් Google භාවිතයටද නැඹුරු වී සිටියි.

02) එය දිනකදී සිදුකරන තොරතුරු හුවමාරුව පෙටා බයිට් 20ක් පමණ වනවා. (1 PB = 1000000000000000B = 1000terabytes)

03) පසුගිය වසර 5 තුල, එහි ලැයිස්තු ගත වූ වෙබ් පිටු ගණන බිලියන 50 ඉක්මවයි.

04) ඒවගේම දිනකට Google වෙතට පැමිණෙන පිරිස මිලියන 620ක් !

05) ලොව වටා අන්තර්ජාලයට එකතුවන සෑම කෙනෙකුම පාහේ අවම වශයෙන් එක වතාවක් හෝ Google වෙත පිවිසෙයි.

06) Google වාර්ෂික ආදායම ලොව දුප්පත්ම රටවල් 43 හි වාර්ෂික දළ දේශීය නිෂ්පාදිත වල එකතුව වන ඩොලර් බිලියන 45ටත් වඩා වැඩිය.

07) සෙවීම සඳහා Google භාවිත නොකර එක් මිනිත්තුවකට එක් වෙබ් පිටුවක වැනි වේගයකින් සෙවීමක් කළහොත් ඔබට එක් දෙයක් සෙවීමට වසර 95 116ක් ගතවන ඇත.

08) සිය වෙබ් අඩවියට “Did you mean” ලෙස ඔබ සොයන දේ සඳහා විවිද ඉඟි සැපයීමේ සේවාව හඳුන්වා දීමෙන් පසුව Google වෙබ් පිටුව සඳහා පිවිසෙන්නන් ප්‍රමාණය දෙගුණ විය.

09) Google සමාගම විසින්  Motorola සමාගම මිලට ගැනීමත් සමඟ Google සමාගමේ සම්පූර්ණ සේවකයින් ප්‍රමාණය 53 891 වන අතර ඉන් 15000ක් පමණ Motorola සේවකයින් වනවා. Google සේවකයින් අතරින් 10 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් බවත් ඔබ සමහර විට නොදන්නවා විය හැකියි.

10) 1999 දී Excite (Ask.com) සමාගම වෙත ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලකට Google විකිණීමට නිර්මාතෘවරුන් සූදානම් වුවත් ඒ සඳහා Excite හි කැමැත්ත ලැබී නැහැ. අනතුරුව එම මුදල ඩොලර් 750 000ක් දක්වා අඩු කළද ඔවුනගේ මතය වෙනස් වී නැහැ. එබැවින් ඒ ගනුදෙනුව සිදු නොවී ඇති අතර 2012 වසර වන විට Google සමාගමේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 50කට අධිකයි.

amazing-google-facts-large-2

 

Leave a Reply