Privacy සහ Security මුල්තැනට දෙන Google Chrome

0
544

තාක්ෂණික ලෝකයේ පෞද්ගලිකත්වය පිළිබඳව විශාල කතිකාවක් ඇති වී තිබෙන අවදියක, සමහරවිට වෙබ් සෙවුම් යන්ත්‍ර (“Search Engnines”) මේ වසරේ පටන් පෞද්ගලික වෙබ් පරිහරණය සඳහා වෙන් වේවි?

මුල් අවදියේදී වෙබ් සෙවුම් යන්ත්‍ර (Search Engnines) ප්‍රමුඛ තැනක් ලබාදෙනු ලැබුවේ ඉතා හොඳ පෙනුමක් සහ පරිශීලකයන් හට හොඳ ආකර්ශනීය බවක් ලබාදීමටයි. “ආරක්ෂාව” (Security) කියන කාරණය පැමිණෙන්නේ ඊට පසුවයි. User Privacy එක එහෙමත් නැතිනම් වෙබ් පරිශීලකයන්ගේ පුද්ගලික නිදහස පිළිබඳව වඩාත් උනන්දු වන්නේ අළුත් වෙබ් සෙවුම් යන්ත්‍රයි. උදා:- Google Chrome සහ Mozilla Firefox, තවද මෙම සෙවුම් යන්ත්‍ර වේගය සහ විශ්වසනීයත්වය කියන කාරණා ගැනද වඩාත් සැලකිලිමත් වුවා.

එමෙන්ම මුල් කාලයේදී අන්තර්ජාලය හරහා දැන්වීම් පළකිරීම නොමිලයේ සිදුකෙරුණු එයත් සමඟ පසු කාලයේදී අකාර්යක්ෂම තොරතුරු පළවීමත් සමඟ අන්තර්ජාලයේ සුරක්ෂිතබව සහ පුද්ගල නිදහස කියන කරුණු ගැන වැඩි කතාබහට ලක්විය.

දැනට ලෝකයේ වෙබ් සෙවුම් යන්ත්‍ර වෙළඳපොලේ තුනෙන් දෙකකට වඩා වැඩි කොටසක් Google සමාගමේ Chrome සතුව ඇති අතර දැනට ඇති වෙබ් සෙවුම් යන්ත්‍ර අතරින් පුද්ගල නිදහස සහ ආරක්ෂාව පිළිබඳව වැඩියෙන්ම සැළකිල්ලක් දක්වන්නේද Google Chrome සෙවුම් යන්ත්‍රයයි. මේ අතර Firefox වෙබ් සෙවුම් යන්ත්‍රයද “anti-tracking blockers” නමැති නව වෙබ් ආරක්ෂක ක්‍රමයක් අනුගමනය කරන බව පසුගිය දිනක ප්‍රකාශ කරනු ලැබුවා. තවද Microsoft  Edge සහ Apple Safari යන වෙබ් සෙවුම් යන්ත්‍රද පුද්ගල නිදහස සහ ආරක්ෂාව පිළිබඳව නව ක්‍රම අනුගමනය කරනු ලබනවා.

මෙවර Google I/O හිදී පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා අළුත්ම අංග දෙකක් හඳුන්වාදුන්නා. එනම් “Cookie Control” මගින් අනෙකුත් වෙබ් ප්‍රචාරකයන්ට ඔබගේ තොරතුරු ලබාගැනීම සීමා කිරීමට සහ “Anti-fingerprint” නමැති අංගයක්ද එක්කොට තිබෙනවා.

Cross-site cookies

cross-site cookies Websites  මඟින් අන්තර්ජාලය තුළ දී Websites අතර මාරු වීමේදී එසේත් නැතිනම් එක Website එකක සිට තවත් Website එකකට යාමේදී ඔබගේ ඉතා කුඩා දත්ත රැස්කරගනු ලබනවා. එම දත්ත උපයෝගයෙන් Websites වලට සහ  Apps තුලදී ඔබව හඳුනාගැනීමට උපකාරී වෙනවා. Cookies මඟින් ඔබ Websites භාවිතය සිදුකරන ආකාරය පිළිබඳව දත්ත, යම් යම් Websites සඳහා ඔබ විසින් ලබාදෙන මුරපද (Passwords), විද්‍යුත් ලිපින, බැංකු ගිණුම් ආදී තොරතුරු රැස්කිරීම කරනු ලබනවා. අන්තර්ජාලය තුල ඇති ප්‍රචාරන දෑ සඳහා ප්‍රචාරන ආයතන විසින් මෙම Cookies මඟින් අන්තර්ජාල පරිශීලකයන්ගේ තොරතුරැ ලබාගැනීම සිදු කරනවා. Cookies ඕනෑම අවස්ථාවක On කිරීමට හෝ Off කිරීමට හැකියාව තිබෙනවා. Cookies ක්‍රියාවිරහිත කිරීම මඟින් ඔබගේ තොරතුරු අන් පාර්ශවයකට ලබාගැනීමට නොහැකි වන අතර Cookies තිබීම වෙබ් අඩවි පරිශීලනයට පහසු වන අතර එය ක්‍රියාවිරහිත කිරීම එක අතකින් අවාසි සහගත වෙනවා.

මෙමඟින් තවත් වාසි කිහිපයක්ම තිබෙනවා, හැකර් ප්‍රහාර සඳහා වෛරස එවීමට ද නොහැකි වෙනවා. තවද ව්‍යාජ ලේඛන හා ලිපි මඟින් තොරතුරු රැස් කිරීමටද නොහැකි වෙනවා. එම නිසා ඔබ නොදැනුවත්ව හෝ ඔබගේ ගිණුම වෙනත් පාර්ශවයකට අත්පත් වීම වළකනු ලබනවා. Google සමාගම පවසන ආකාරයට මෙම “cross-site cookies” ආරක්ෂණය ක්‍රියාත්මක වන්නේ HTTPS සබඳතා සඳහා පමණයි.

Anti-fingerprint feature

Cookies යනු වෙබ් පරිශීලකයන්ගේ තොරතුරු ලබා ගැනීම යොදා ගන්නා ඉතා කුඩා ක්‍රමයක් විතරක් වන අතර Finger Print මඟින් ඔබ පරිශීලනය කරනු ලබන Websites පිළිබඳව තොරතුරු ලබාගැනීමට මේ වනවිට හැකියාව තිබෙනවා. එමඟින් නිවැරදිව ඔබගේ තොරතුරු ලබාගැනීමට හැකියාව තිබෙනවා. එම නිසා මේ වනවිට Cookies උපයෝගයෙන් තොරතුරු රැස්කිරීම අඩුවීගෙන යනවා. කෙසේ වෙතත් Google Chrome තුල ඇති “Incognito” පහසුකම හරහා ඔබගේ Browsing Finger Print තුලින් තොරතුරු ලබාගැනීම අවහිර කරනු ලබනවා.

Google සමාගම මේ වනවිට ආරක්ෂාකාරී වෙබ් පරිශීලනය සඳහා වන ඔවුන්ගේ ආරක්ෂණ කටයුතු අළුත් කරමින් පවතින අතර අනාගතයේදී වඩාත් ආරක්ෂාකාරී ලෙස වෙබ් අඩවි පරිශීලනයට අප සැමට හැකියාව ලැබෙනු ඇත.