Google වෙතින් AI Grammar Checker එකක්

0
95

අපි කව්රුත් දන්නා ගූගල් සමාගමෙන් Machine learning තාක්‍ෂණයෙන් බලගැන්වුණු නවතම ව්‍යාකරණ නිවැරදි කරණයක් “Grammar checker” එකක් හඳුවාදෙනු ලැබුවා. එය මේ වනවිට G Suite ගිණුම් හිමියන්ට ඔවුන්ගේ Google Docs හී සක්‍රීය වී ඇති අයුරු දැකගැනීමට පුළුවන්. G Suite යනු විශේෂයෙන්ම ව්‍යාපාරයන් සඳහා භාවිතා කරනු ලබන ගූගල් සේවාවකි.

“Grammar checker” එකක් කියන්නේ බොහෝම සාමාන්‍ය දෙයක්, ඇත්තටම දැනටත් සියලුම ගූගල් ගිණුම් හී “Grammar checker” එකක් දැකගැනීමට තිබෙනවා. එහෙත් මෙම නවතම “Grammar checker” එක මඟින් නිතර නිතර වාක්‍ය වල සහ වචන වල සිදුවන වැරදි මෙන්ම ඉතා කුඩා වැරදි පවා හඳුනාගැනීමට හැකියාව තිබෙනවා. මෙම නවතම “Grammar checker” එකේ ඇති විශේෂත්වය වන්නේ මේ සඳහා “Machine learning” තාක්ෂණය සහ AI හෙවත් කෘතීම බුද්ධිය උපයෝගී කරගෙන තිබීමයි.

උදා:- එක් එක් ව්‍යාකරණ රටාවන් හඳුනාගැනීම වැනි සංකීර්ණ දේ පවා මෙම නවතම “Grammar checker” එකට හඳුනාගැනීමට හැකියාව තිබෙනවා.

Image Copyright: TechCrunch

“මෙම නව ක්‍රමය මඟින් අපට සිදුවන ව්‍යාකරණ ගැටළු සහ වචන නිවැරදිව හඳුනාගැනීමට හැකි වෙනවා” යනුවෙන්  G Suite නිෂ්පාදන කළමණාකරු මෙම “Grammar checker” එක හඳුන්වාදීමේදී කියා තිබෙනවා. කෙසේ වෙතත් මෙම “Grammar checker” මඟින් පහසුවෙන් සහ නිවැරදිව අපිට ඉංග්‍රීසි භාෂාව Google Docs හි භාවිතයට හැකියාව තිබෙනවා.