Gmail වෙත අලුත්ම අංගයක් එක්වේ.

, , Leave a comment

මින් පසුව ඔබට ඊමේල් යවන්නට කිසිකෙනෙකුගේ ඊමේල් ලිපිනය ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. Gmail විසින් අලුතෙන් හඳුන්වාදුන් අංගයක් නිසාවෙන් ඔබට දැන් ඔබට අවශ්‍ය කෙනෙකුගේ නම පහත පරිදි යෙදීමෙන් ඔවුන්ට ඊමේල් යැවීමට හැකියාව ඇත. මේ හඳුන්වාදීම ඔවුන් සිදුකලේ Google නිල බ්ලොග් අඩවිය ඔස්සේය. ඒ වාගේම Google හි ප්‍රකාශකයෙක් පවසන අයුරින් ඔබේ Google+ ජාලයේ සිටින ඕනෑම කෙනෙකුට මින් පසුව ඔබ වෙත Email පණිවුඩ එවිය හැක.

connections1

ෙමේ අංගය තවමත් සියළුම පරිශීලකයින් වෙත මුදාහැර නැතිමුත් ඉදිරි දින කිහිපයේ දී සියළුම පරිශිලයින්ට මුදා හැරීමට නියමිතයි. මේ අනුව Gmails Settings වල අලුතෙන් Email via Google+ කොටසක් දැකිය හැකි වනු ඇති අතර ඔබට අවශ්‍ය නම් ඒ මෙනුවෙන් “No one” යන්න select කර මෙම අංගය සම්පූර්ණයෙන්ම අක්‍රිය කරගත හැක. එමෙන්ම ඔබට අවශ්‍ය නම් තෝරාගත් පිරිසක් සඳහා පමණක් ඔබ වෙත ඊමේල් එවීමට අවසර දීමට Extended circles හෝ Circles select කළ හැකියි. ඒ වගේම ඔබ ඕනෑම අයෙකුට ඔබට ඊමේල් එවීමට ඔබ ඉඩ සලසා සිටියත් ඔවුනට ඔබගේ ඊමේල් ලිපියන දර්ශනය නොවනු ඇත. ඔබ නැවත reply කළහොත් පමණක් ඔබගේ ඊමේල් ලිපියනය යවන්නා වෙත දර්ශණය වනු ඇත. ඒ වගේම ඔබගේ Google+ Circle එකෙන් පිට සිටින කිසිවකුගේ email පණිවුඩයක් ඔබගේ Primary Inbox වෙත නොලැබෙනු ඇත. එබැවින් මේ නව පහසුකම නිසා නිතර නිතර අනවශ්‍ය email ලැබීමෙන් අපහසුතාවයට පත් වීමක් සිදු නොවනු ඇති බවයි Google සමාගම පවසන්නේ.

connections2

connections3

 

Leave a Reply