Google සමාගමේ නව ප්‍රතිපත්තියෙන් පුද්ගලික දත්ත අනතුරේ?

, , Leave a comment

ගූගල් ආයතනය ඔවුන්ගේ සේවා කොන්දේසී මාලාවට අලූතෙන් ඡේදයක් මෑතකදී එකතු කර තිබෙනවා. එම නව ප්‍රතිපත්ති මාලාවෙන් ඔවුන් ජීමේල් පරිශීලකයින්ව දැනුවත් කර සිටින්නේ Google සමාගම විසින් ඔබගේ සියලුම ඊමේල් පණිවිඩ සුක්ෂමව පරික්ෂා කර බලන බව යි. සුක්ෂම ලෙස කරන ලද එම ඊමේල් පණිවුඩ පරීක්ෂාවෙන් ගූගල් ආයතනය උත්සහ කරන්නේ පරිශීලකයාට වඩාත් උචිත වූ දේ එනම් ඔබේ රුචි අරුචිකම් අනුව සෙවුම් ප‍්‍රතිපල, වෙලද දැන්වීම් වගේ දේවල් සැපයීමයි. ඒවගේම Spams සහ Malware හදුනා ගැනීමක්ද එමගින් සිදු කිරීමට ගූගල් ආයතනය බලාපොරොත්තු වෙනවා.

ඔබේ ජීමේල් ගිණුමෙන් ඊමේල් යවන විට සහ ගිණුමට ඊමේල් ලැබෙන විට ස්වයංක්‍රීයවම ක‍්‍රියාත්මක වෙන පද්ධතියක් මගින් මෙම විශ්ලේෂණය සිදු වෙන බව ගූගල් ආයතනය වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටිනවා.

නමුත් මේ ක්‍රියාදාමයට මේ වන විට දැඩි විරෝධතා එල්ල වී ඇති අතර ඒ අතරින් පුද්ගලිකත්වය ආරක්ෂාකිරීමේ සංවිධාන හා විවිධ අධ්‍යාපනික ආයතන මුල්තැන ගෙන ඇත. මේ අතර තවත් පිරිසක් පවසන්නේ මෙම නව අංගය භාවිත කරන්නන් කැමතිනම් පමණක් සක්‍රීය කරගත හැකි ලෙස on/off කල හැකි අයුරින් වෙනස් විය යුතු බවයි.

මේ පිළිබඳව ඔබේ මිතුරන්ද දැනුවත් කරන්න මේ ලිපිය share කරන්න.
[signoff predefined=”Syco Me Facebook Like” icon=”icon-facebook”][/signoff]

 

Leave a Reply