Gmail සඳහා සිංහල ඇතුලුව අලුතින් භාෂා 13ක් හඳුන්වා දෙයි

, , 1 Comment

පසුගිය දා Google සිය Gmail සේවාව සඳහා අලුතින් භාෂා 13ක් එකතු කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට සම්පූර්ණ අන්තර්ජාල භාවිත කරන්නන් අතුරින් 94%ක් ආවරණය වන පරිදි සිය සේවාවන් සැපයීමට ගූගල් සමත්ව තිබෙනවා. මේ නව භාෂා අතරට සිංහල භාෂාවද ඇතුලත්ව තිබෙනවා.

මීට පෙර භාෂා 58ක් සඳහා සහාය දැක්වූ Gmail සේවාව, නව භාෂා 13 වන Afrikaans, Armenian, Azerbaijani (Azeri), Chinese (Hong Kong), French (Canada), Galician, Georgian, Khmer, Lao, Mongolian, Nepali, Sinhala සහ Zulu වල එකතුවත් සමඟ මින් ඉදිරියට භාෂා 71කින් භාවිත කළ හැක.

තවද මේ සේවාව වෙබ් අඩවිය මෙන්ම ජංගම දුරකථන සඳහා ද සහාය දක්වනු ඇත. නමුත් කිසි විටකත් ඔබ යවන හෝ ඔබට ලැබෙන Email පණිවුඩ සඳහා අදාල නොවේ.

ඔබේ Gmail සිංහල භාෂාව සඳහා සැකසීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

  1. Gmail විවෘත කරන්න.
  2. දකුණු පසින් ඇති පහත ලකුණ click කරන්න.
  3. Settings තෝරන්න.
  4. ඉහලින්ම ඇති “Gmail display language” මෙනුවෙහි “Language” යටතේ “සිංහල“ තෝරන්න.
  5. පහතින්ම ඇති Save Changes click කරන්න.
 

One Response

Leave a Reply