#GeekUpLive: ලංකාවේ පළමුවෙනි YouTube වැඩමුළුව

0

Youtube කියන්නේ අද වෙනකොට අන්තර්ජාලයේ සැරිසරන අපට නැතුවම බැරි සේවාවක් බවට පත් වෙලා. අධ්‍යාපනික වගේම විනෝදාත්මක වීඩියෝ නැරඹීමට අපි හැමෝම වගේ පිවිසෙන වෙබ් අඩවියක් තමයි Youtube කියන්නේ.

මේ දැවැන්ත YouTube වෙබ් අඩවියට අපේ ලංකාවෙනුත් බොහෝ වටිනා අධ්‍යාපනික වීඩියෝ පට වගේම විනෝදාත්මක වීඩියෝ පට දැන් දැන් එකතු වෙමින් පවතිනවා. ඉතින් YouTube වෙබ් අඩවියට ලොකු කුඩා හැමෝටම වැදගත් තාක්ෂණික, අධ්‍යාපනික තොරතුරු වීඩියෝ එකතු කරන අපේ අය අතර කවුරුත් හොඳට අඳුනන තුන්දෙනෙක් තමයි සම්පත්, මලින්ද සහ චානුක කියන්නේ.

ඉතින් මේ තුන්දෙනා එකතු වෙලා අපූරු වැඩක් සංවිධානය කරනවා. ඒ තමයි #GeekUpLive. YouTube චැනල් එකක් සාර්ථකව කරන්නේ කොහොමද? ඒ හරහා මුදල් උපයා ගන්නේ කොහොමද? වගේ දේවල් #GeekUpLive හරහා කතා බහ කරන්නටයි සූදානම් කරලා තියෙන්නේ. මීට අමතරව මෙච්චර කාලයක් YouTube එකෙන් විතරක් දැකපු මේ අපේ YouTube තරු එදාට ඔයාලට හම්බවෙලා කතා කරන්නත් පුළුවන්. ඒ වගේම එදාට නව්වාත් (NAWRAN) එන නිසා හොඳ විනෝදාත්මක හමුවක් වේවි.

මෙන්න මේ දේවල් ගැන තමයි එදාට කතා කරන්නේ..

– Sampath @VideoKatha : අපි හැමෝටම වාසි YouTube
– ChanuxBro : අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද?
– Malinda @TechTrackShow : YouTube වීඩියෝ හැදෙන හැටි

දවස: ජුනි 5, 2016
වෙලාව: උදේ 10 ට
තැන: SAITM Campus (https://goo.gl/maps/fJGJx6RBVhQ2)

කරන්න තියෙන්නේ මෙච්චරයි.. ඔයාලත් කැමතිනම් #GeekUpLive එකට එන්න දැන්ම මෙතනින් register වෙන්න!! http://geekup.lk/

ඔන්න එදාට අපිත් එනවා #GeekUpLive එකට…!!