Framed 2.0 – මේ තවත් එක් ඩිජිටල් පින්තූර රාමුවක් නෙවෙයි !

, , Leave a comment

ඩිජිටල් පින්තූර රාමු (Digital Photo Frames) කියන්නේ වෙළඳපලට අලුත් දෙයක් නම් නෙවෙයි. සමහරවිට දැනටත් ඔබේ මේසය උඩ පසුගිය සති අන්තයේ නිවාඩුවේදී ගත්ත ඡායාරූප එකින් එක පෙන්වන ඩිජිටල් පින්තූර රාමුවක් තිබෙන්නට පුළුවන්. ඒත් අපි ඒ වගේ ඩිජිටල් පින්තූර රාමුවක් බිත්තියක එල්ලන කලා කෘතියක් බවට පත්කරන පුළුවන් කියලානම් හිතුනේ නෑ නේද? නමුත් දැන් Framed 2.0 නමින් හඳුන්වන TV එකක ප්‍රමාණයේ ඩිජිටල් පින්තූර රාමු නිසා එය ඇත්තක් බවට පත් වෙලා. සාමාන්‍ය ඡායාරූප වෙනුවට ඩිජිටල් කලාකෘති දර්ශණය වන මෙහි විශේෂත්වය වන්නේ Framed 2.0 හරහාම ඔබට ලොව පුරා වෙසෙන අති දක්ෂ කලා නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ සැනින් ඔබේ බිත්තිය අලංකාර කරගන්න යොදාගන්න පුළුවන් වීමයි.

a72c395b924355d03111f88621fcc18d_large

Kickstarter වෙබ් අඩවිය හරහා පසුගිය සඳුදා Crowdfund සඳහා එළිදැක්වුණු මේ නව නිර්මාණය, සිය ඉලක්කය වන $75 000ක මුදල එක්කාසු කරගැනීමට ගතවූයේ පැය 5කටත් අඩු කාලයකි. එය මේ වනවිට $240 000කට අධික මුදලක් එක්කාසු කරගෙන ඇත.

ප්‍රමාණ 3කින් ලබාගත හැකි මේ ඩිජිටල් රාමුවේ අඟල් 24 රාමුවක් සඳහා $399ක මුදලක් ද, අඟල් 40 රාමුවක් සඳහා $15000ක මුදලක් ද, අඟල් 55 රාමුවක් සඳහා $10 000 ක මුදලක් ද වැය කිරීමට ඔබට සිදුවනු ඇත. කෙසේ නමුත් මෙය තවමත් වෙළඳපළට නිකුත් කර නොමැති අතර වෙළඳපළට නිකුත් වන මුදල මීට වඩා වැඩි වනු ඇතැයි පැවසේ.

1080p Full HD IPS තිරයක් සහිත මේ රාමුව අංශක 180 දක්වා සෑම කෝණයකින්ම පැහැදිලිව නැරඹිය හැක. මීට අමතරව තිරය සම්පූර්ණ ස්පර්ශ සංවේදී වන අතර චලන වලට සංවේදීව ප්‍රතිචාර දැක්වීමට සමත්ය.

9dfa60d4ab499b7a4caa1645192a302b_large

මීට අමතරව iOS app එක හරහාද Frame 2.0 හි වෙනස්කම් සිදුකළ හැකි අතර AirPlay හරහා ගීත වාදන කරන speaker එකක් ලෙස භාවිත කළ හැක. Hardware specs සලකන විට Quad Core 2.4 GHz CPU එකක් ද, 802.11 b/g/n wifi සම්බන්ධතාවක් ද, 720p කැමරාවක් ද, මයික්‍රෆෝනයක් හා Stereo Speaker එකකින්ද සමන්විතයි.

93c35a93238c44a9553a15f2c31e2051_large

මේ නව නිර්මාණයේ සම නිර්මාතෘවරයා මාධ්‍ය වෙත පවසා සිටියේ මේ තාක්ෂණික නිර්මාණයට වඩා ඒ සමඟ සම්බන්ධ වන නිර්මාණකරුවන් හා ඒ සමඟ ගොඩනැඟෙන සමාජය වඩා වැදගත් බවයි.

4b87c405b7cb5d6b306693987dc1af52_large

cd58ef419478211a24a0cd1c465f7749_large

a0a1cb0c1cd7241dab92e6cc55677d7e_large

b3843b04aa671a658323f40d94d826db_large

c20b43b445a8b0927946211a4994c570_large

fb904b55125ff0be05122b3af4f55616_large

38fcc27c3ff3f2932e2acffec4063abe_large

70f222f2ce20dea3a33ec145f27b5cfb_large

[signoff predefined=”Syco Me Facebook Like”][/signoff]

 

Leave a Reply