සතියට දින හතරකට වඩා වැඩ කිරීම අකැපයි

0
134

පුද්ගලයෙකු රැකියාවෙහි අඩු දින ගණනක් වැඩ කිරීම සේවකයන්ටත් එම ආයතනයටත් බොහෝ වාසි සහගත බවත් ඉතා ඉක්මනින් ලෝකය සතියකට දින හතරක සේවා කාලයක් සඳහා යායුතුව ඇති බවත් 2019 ලෝක ආර්ථික සමුළුවට(WEF)  සහභාගී වූ විශේෂඥයන් යුගලයක් විසින් ඉදිරිපත් කරන ලද ආන්දෝලනාත්මක අදහසකි.

ලෝක ආර්ථික සමුළුව වාර්ෂිකව ස්විට්සර්ලන්තයේ පවත්වනු ලබන අතර මෙය සඳහා ලෝකයේ රටවල් වල ආර්ථික විශේෂඥයන් , ව්‍යාපාර ලෝකයේ දැවැන්තයන් සහ ලෝක දේශපාලනයේ බලවතුන් සහභාගී වෙනවා. මෙහිදී ව්‍යාපාර ලෝකයට සහ රටවල් වලට අදාල නව අදහස් සහ යෝජනාවන් පිළිබඳව ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරනු ලබනවා.

සතියට දින හතරක් වැඩ කරන්න ඕනේ මෙන්න මේ නිසයි

Image Copyright: edgewalkers.com.au

භෞතික චිකිත්සකවරයෙක් වන “Adam Grant” විසින් පෙන්වාදෙන ආකාරයට පුද්ගලයෙකු සතියකට වැඩ කරන දින ගණන යම් ප්‍රමිතියකට අඩු කිරීමෙන් ඔවුන් කරන වැඩ වඩාත් ඵලදායී ආකාරයෙන් සිදු කිරීමට හැකියාව තිබෙනවා. මෙහිදී සතියකට ඔවුන්ට කිරීමට සිදුවන් වැඩ ප්‍රමාණය අඩු වීමත් පීඩනයකින් තොර වීමත් යන කරුණු නිසා සිදු කිරීමට ඇති වැඩ ඉතා පහසුවෙන් හා වඩාත් සුපරික්ෂාකාරීව සිදු කිරීමට හැකියාව තිබෙනවා. මෙමඟින් නිර්මාණාත්මක සහ නව අදහස් ප්‍රායෝගිකව තම වැඩ වලට යොදාගැනීමට හැකිවීම තවත් එක ප්‍රධාන කාරණයක් ලෙස මොහු දක්වා තිබෙනවා.

ආර්ථික විශේෂඥයෙකු සහ ඉතිහාසවේදියෙකු වන “Rutger Bregman” පෙන්වාදෙන ආකාරයට සතියකට කරන වැඩ ප්‍රමාණය අඩු කිරීම අලුත් දෙයක් නොවන බවත් 1970 වර්ෂයන් වන තෙක් ආර්ථික විශේෂඥයන්, සමාජවේදීන් සහ දර්ශනවාදීන් මෙම ක්‍රමයට වැඩ කල යුතු බව විශ්වාස කළ බවත් සඳහන් කර තිබෙනවා.

1920 සහ 1930 අතර කාලයේදී විසු ප්‍රධාන ව්‍යවසායකයන් මෙම ක්‍රමය ඉතා සාර්ථක ලෙසත් ප්‍රායෝගික ලෙසත් යොදාගත් බව “ Rutger Bregman “ පෙන්වා දෙනවා. ඔහු විසින් උදාහරණයක් වශයෙන්, ඇමරිකානු ජාතික ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ “Henry Ford” විසින් තම සේවකයන්ගේ සතිකයක වැඩ කලයුතු කාලය පැය 60 සිට පැය 40 දක්වා අඩු කර ඇති අතර එමඟින් එම සේවකයන්ගේ කාර්යක්ෂමතාවයේ සහ වැඩ කිරීමට ඇති කැමැත්තෙ කැපී පෙනෙන වර්ධනයක් ඇති වූ බව Rutger Bregman විසින් වැඩි දුරටත් පැහැදිළි කර සිටිනවා.

Image Copyright: Unsplash

සතියට දින හතරක් වැඩ කිරීමේ ක්‍රමය නවසීලන්තයේ සමාගමක අත්හදාබලා ඇති අතර එමඟින් හොඳ ප්‍රතිඵල ඇති බවත් මෙම ක්‍රමය දිගටම සමාගම තුල පවත්වාගෙන යන බවටත් එම බලධාරීන් ප්‍රකාශකර සිටිනවා. තවද සතියට වැඩ කලයුතු ප්‍රමාණය අඩු වීම සේවකයන්ගේ මානසික සහ යහපත් ශරීර සෞඛ්‍ය සඳහා ඍජුවම බලපාන බවත් සේවකයන්ට තමන්ගේ රාජකාරිය පිළිබඳව විශාල තෘප්තියක් සහ කැමැත්තක් ඇතිවන බවත් මෙම අදහස ඉදිරිපත් කරන ලද විශේෂඥයන් වැඩි දුරටත් පෙන්වාදෙනවා.

මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුල බොහෝ රැකියාවන් වල නිරතවන පුද්ගලයන් අධික ලෙස වෙහෙස වෙන බවක් අපට දැක ගත හැකිය. ශ්‍රී ලංකාව තුල දිනකට සේවකයෙකු සේවයෙහි නිරත් වියයුතු කාලයන් සහ නීති පෙන්වාදී තිබුනත් එම නීති පිලි නොපදින ආයතන රැසක් දැක ගැනීමට පුළුවන්. එමඟින් එම ආයතන සහ සේවකයන් දෙපාර්ශවයටම අවාසි බව ඉහත කරුණු මඟින් පැහැදිලිය නමුත් ඉහත සඳහන් ආකාරයට ලංකාව තුලත් සතියකට දින හතරක් වැඩ කිරීම මඟින් සේවකයාටත් ආයතනයටත් ඵලදායී වනු ඇත.

ලංකාව වැනි රටකට මෙවැනි ක්‍රමයක් කොතරම් දුරට ගැළපෙයිද…? ඔබේ අදහස අනිත් යටත් දැනගන්න පහතින් Comment කරන්න. මේ වැනි අලුත් තොරතුරු දැනගන්න අපිත් සමඟින් එකතු වන්න.