ඔබේ කුඩා GoPro කැමරාවට අපූරූ සහායකයෙක් !

0
1020

අහසේ දී සිදුකරන වීඩියෝ රූගත කිරීම් ගැන ඔබ අසා ඇති. වීඩියෝ කැමරාවක් ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් මඟින් ගුවනේ හසුරුවමින් මෙතෙක් නොදුටු අලංකාර වීඩියෝ දර්ශණ රූගත කරන්නට අපට හැකියාව ලැබුනා. එසේ නමුත් මෙලෙස ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් භාවිත කිරීම වැඩි වියදමක් වැය වන සහ වැඩි වෙහෙසක් දැරිය යුතු දෙයක්. ඒ නිසයි Drone යානා බිහි වුනේ. නමුත් මුල් කාලයේ Drone යානා වලින් ලබාගන්නා දර්ශණ ගැස්සීම් සෙලවීම් නිසා ඒතරම් හොඳ තත්වයේ තිබුනේ නැහැ. ඒ ගැටළුවට විසඳුමක් ලෙසයි Gimbal නම් උපකරණය බිහිවුනේ. මෝටර් මඟින් ක්‍රියාකරන මේ ගිම්බල් මඟින් සෙලවීම් ගැස්සීම් වලින් තොර, වඩා ස්ථායි දර්ශණ ලබාගන්නට පුළුවන්. ඒ වගේම සමහර චිත්‍රපට සඳහා පවා මේ තාක්ෂණය භාවිත වුනා. ඒත් ඇයි මේ තාක්ෂණය අහසේ කරන රූගත කිරීම් සඳහා පමණක් යොදාගන්නේ. පොළවේදී සිදුකරන සාමාන්‍ය රූගත කිරීම් සඳහා මේ වගේ Gimbal එකක් භාවිතා කරන්නට හැකියාවක් නැතිද?

ඒත් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව ලැබිලා. පහසුවෙන් අතේ ගෙනයා හැකි මිලෙන් අඩු 3-Axis Stabilizer එකක් වෙළඳපලට නිකුත් වෙලා. ඒ නිසා ඔබ ඇවිදිමින්, දුවමින් සහ වාහනයක ගමන් කරමින් වුවත් ඔබට අලංකාර වීඩියෝ රූගත කරන්නට හැකියාව තිබෙනවා. GoPro වැනි කුඩා කැමරාවක් භාවිතා කල යුතු වුවත් ඒ මඟින් ලබාගන්නා වීඩියෝ පට වෘත්තීය මට්ටමේ දෙයකට වුවත් පහසුවෙන් භාවිත කරන්නට පුළුවන්. අප මීට පෙර හඳුන්වා දුන් Hyperlapse වීඩියෝ මෙන්ම මෙහිත් භාවිත වන්නේ උපකරණය තුල ඇති Gyroscope එක මඟින් ලබාගන්නා දත්තයි.

ඒ වගේම ඇමරිකානු ඩොලර් 390ක් වගේ මිලකට ඔබට මේ උපකරණය මිලදී ගත හැකියි.

w640 (5) w640 (4) w640 (3) w640 (2) w640 (1) w640