Facebook එකෙන් Likes අයින් වෙයිද

0
791

Facebook කියන්නේ ලෝකයේ ගොඩක් දෙනෙක් භාවිත කරන සමාජ මාධ්‍යයක් (Social Media), එමනිසා Facebook මඟින් තම ව්‍යාපාර සහ අලෙවිකරණය කරන ආයතන ගණනාවක් මේ වනවිට බිහිවී තිබෙනවා. ඉතින්  Facebook වටා නිතරම තම පරිශීලකයන් රඳවා ගැනීම සඳහා Facebook සමාගම නොයෙකුත් දේ සිදුකරනවා. ඒ වගේ Facebook සමාගම විසින් සිදුකිරීමට යන නව වෙනස්කමක් පිළිබඳව මේ වනවිට කතාබහක් ආරම්භ වී තිබෙනවා.

මේ වසරේ පැවැත්වූ Facebook සමාගමේ වාර්ෂික සමුළුවේදී විශේෂ වෙනස්කම් කිහිපයක් ඔවුන්ගේ Instagram,Whatsapp සහ Massenger කියන සේවාවන් සඳහා හඳුන්වාදුන්නා. එහිදී Instagram හී “Likes Count” එක දර්ශනය වීම නවතා දැමීමට කටයුතු කරන බව Facebook සමාගම පවසා සිටියා. තවද ඔවුන් එය යම් යම් රටවලදී පරික්ෂා කර තිබු අතර එය ද සාර්ථක බව ඔවුන් පවසා සිටියා. කෙසේ වෙතත් Facebook සඳහාත් මෙය සිදුකිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් එහි පරීක්ෂණ කටයුතු නුදුරේදීම ආරම්භ කිරීමටත් ඔවුන් සුදානමින් සිටිනවා.

App Researcher කෙනෙකු වන “Jane Manchun Wong” විසින් මේ පිළිබඳව Twitter ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

Facebook තුළ “Likes” කිරීම කියන්නේ ප්‍රධානතම අංගයක්. මෙය ඉවත් කිරීම එතරම් හොඳ දෙයක් නොවනු ඇති බවට බොහෝ දෙනා සඳහන් කරනවා. මන්ද බහුතර Facebook පරිශීලකයන් විසින් තමන් Facebook තුළට එක්කරන Post , Pictures , Videos හෝ ඕනෑම දෙයක් සඳහා “Likes Count” එක බලාපොරොත්තු වන අතර “Likes Count” එක එක අඩු මොනයම් හේ දෙයක් ඔවුන් විසින් ඉවත් කිරීමට පෙළඹීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. විශේෂයෙන්ම Facebook Pages සඳහා මෙය සෘජුවම බලපාන කරුණක්. 

කෙසේ වෙතත් දැනට Facebook සමාගම මේ පිළිබඳව පරීක්ෂණ මට්ටමක සිටින අතර මෙතෙක් එය සිදුකරනවාද, නැතිද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් සඳහන් කර නැත. සමහරවිට Facebook සමාගම විසින් “Likes Count” එක වෙනුවට තවත් අලුත් Feature එකක් එකතු කිරීමට සුදානම් වන්නටද පුළුවන්.