Facebook වලට Unlike පහසුකමත් එක්වේ

1

Facebook like කිරීම මේ වන විට ලොව පුරා වෙනසක් ඇතිකල දෙයක් වුනා. ඒත් ඔබේ යාළුවෙක්ගේ status එකකට හෝ photo එකකට අකමැති බව ප්‍රකාශ කරන්නට මේ වන තෙක් කිසිදු ආකාරයක් තිබුනේ නැහැ. නමුත් අද facebook messenger app එකට අද නිකුත් වුණු අලුත් අංගයක් මඟින් යමකට අකමැත්ත පෙන්වන්නට “Dislike” ස්ටිකරයක් හඳුන්වා දී තිබෙනවා. ඔබ facebook chat කර ඇත්නම් sticker ගැන නොදන්නවා වන්නට බැහැ. මේ ස්ටිකරය නිකුත් කර ඇත්තේ මේ සතියේ නිකුත් වූ අලුත් ස්ටිකර් ගොනුවට යි. මේ ස්ටිකර් ගොනුව නොමිලයේ ලබා ගත හැකි අතර Unlike ස්ටිකරයට අමතරව sore thumb, fiery thumb, poke වැනි ස්ටිකර් කිහිපයක්ම නිකුත් කර තිබුනා.

facebookdislike1_640_large_verge_medium_landscape

Facebook සඳහා ස්ටිකර් හඳුන්වා දුන්නේ පසුගිය අප්‍රේල් මාසයේ වුනත්, මේ වන තෙක් කිසිම ආකාරකින් අකමැත්තක් පළ කරන්නට හැකියාවක් ලබාදී තිබුනේ නැහැ. ඒ සඳහා හේතුව ලෙස නිර්මාතෘන් පෙන්වා දෙන්නේ අකමැත්තක් පළ කිරීමෙන් facebook භාවිතකරන්නන් අසතුටට පත් වීමේ හැකියාවක් ඇති බවයි. Like නොකර සිට ඒ සඳහා අකමැත්ත ප්‍රකාශ කිරීම වඩාත් උචිත බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් එම ස්ථාවරය නිසාම මේ වන තෙක් facebook chat කිරීම හැරුණු කොට අනෙකුත් අංග සඳහා මේ පහසුකම වලංගු නැහැ. එනම් තවමත් සැරන් සැරේ වදයක් වෙන තරමට status update කරන ඔයාගේ යාළුවාට ඔයාගේ අකමැත්ත කියන්නට විදියක් නැහැ. (ඒත් ඒ වෙනුවෙන් Photo comment හොඳම විසඳුමකි. 🙂 )

Image: TheVerge