ඔයා කැමති කෙල්ලට කොල්ලෙක් ඉන්නවද දැනගන්න ලේසි ක්‍රමයක්

, , Leave a comment

Facebook සිය වෙබ් අඩවියේ ඇති පුද්ගලික තොරතුරු ප්‍රමාණය වැඩිකරගැනීමට විවිධ උපක්‍රම එක්කාසු කරමින් සිටින බව රහසක් නෙවෙයි. මෑතකදී හඳුන්වා දුන් Ask බටනය මඟින් ඔබට ඔබේ මිතුරන්ගේ තොරතුරු අසා දැනගැනීමට ඇති හැකියාවත් ඒ සඳහා මුල් පියවරක්. උදාහරණයක් ලෙස ඔබේ මිතුරකු සිය දුරකථන අංකය ෆේස්බුක් වෙත එක්කර නොමැති විට ඔබට මැසේජ් යවමින් දුරකථන අංකය අසා සිටින්නට අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ask බටනය භාවිත කරන්නට හැකියි.

Screen-Shot-2014-05-19-at-12.01.07-PM

මෙහි නවතම හඳුන්වා දීම වන්නේ දැන් ඔබට ask බටනය යොදාගෙන යම් කෙනෙකුගේ relationship status එක අසන්නටත් ඔබට හැකියාව ඇත. යම් හෙයකින් ඒ පුද්ගලයා පිළිතුරු දෙනවා නම් එය සියල්ලන්ටම පෙනෙන්නට සලස්වනවාද හෝ ඔබට පමණක් පිළිතුරක් ලෙස ලබා දෙනවාද යන්න තීරණය කල හැකියි. මීට පෙර මේ ask බටනය පැවතියේ රැකියාව, ජීවත් වන නගරය, දුරකථන අංකය වැනි දේවල් අසා දැනගැනීමට පමණයි.

මෙලෙස එකතුකරගන්නා පුද්ගලික දත්ත යොදාගනිමින් වෙළඳ දැන්වීම් හරහා වැඩි ආදායමක් ඉපැයීමටයි ෆේස්බුක් සූදානම් වන්නේ.

 

 

Leave a Reply