Technology for Sri Lankans

Facebook Notification ලබාගැනීම තවත් පහසු වේ.

‍Facebook ඇන්ඩ්‍රොයිඩ් app හි notification ලබා දීම සඳහා ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ සෑම විටම පෙන්නුම් කරන Notification මෙනුවක් ඇතුලත් කිරීමට facebook සූදානම් වන බව වාර්තා වේ. ඒ අනුව ඔබගේ android දුරකථනයේ notification tray එකෙහි ඉහතින් දැක්වෙන පරිදි ඔබගේ profile පින්තූරය, friend request හා messages පිළිබඳව දැනුවත් කිරීමට අලුතින් අංගයක් එකතු වනු ඇත. තවමත් beta මට්ටමේ පවතින මේ වෙනස්කම් සහිත නව facebook app එක නුදුරේදීම එළිදැක්වීමට නියමිතයි.

SEE ALSO: Facebook වෙතට අලුත් අංගයක් (කරදරයක්) එක්වේ.

මින් පෙර මේ සඳහා යෝජනාවී තිබූ අයුරු නව අංගය පහතින් දැක්වෙන අතර ඒ සඳහා බොහෝ දෙනාගේ අප්‍රසාදය පළවූ නමුත් නව පෙනුම සඳහා බොහෝ දෙනෙකුගේ කැමැත්ත පළවී ඇත. නමුත් මේ අංගය ඔබට අවශ්‍ය නම් Settings මෙනුව හරහා ඉවත් කිරීමටද හැකි බවයි පැවසෙන්නේ.

මේ අලුත් අංගය පිළිබඳව ඔබේ අදහස පහත comment තීරුවේ පළකරන්න.