Facebook වෙතට අලුත් අංගයක් (කරදරයක්) එක්වේ.

2
900

Facebook විසින් අද අලුත්ම අංගයක් හඳුන්වා දෙනු ලැබුවා. ඇත්තටම ඒක අංගයක් නෙවෙයි කරදරයක් විදියටයි syco me අපි නම් දකින්නේ. ෆේස්බුක් සමාගම සිය නිළ බ්ලොග් අඩවියේ සටහන් කර ඇති පරිදි අද පටන් විඩියෝ අාකාරයේ වෙළඳ දැන්වීම් සඳහාත් ෆේස්බුක් විවර වනවා.

දැනට තෝරගත් පිරිසක් සඳහා පමණක් මේ අංගය වලංගු වන නමුත් නුදුරේ දීම සියළුම සාමාජිකයින් සඳහා විහිදුවීමට කටයුතු යොදා ඇති බව සඳහන්. නුදුරේදීම ඔබ ෆේස්බුක් භාවිත කරන විට ඉබේ ධාවනය වන තත්පර 15ක නිහඬ වීඩියෝ ads දැකිය හැකි වන අතර ඒ මත ස්පර්ශ කිරීමෙන් ශබ්දය සහිතව සම්පූර්ණ විඩියෝව ධාවනය කළ හැක.

ඒත් ලොකු ගාණක් දීලා යන්තම් අමාරුවෙන් data ඉතුරුකරගෙන ෆේස්බුක් යන ලංකාවේ වගේ රටවල අයටනම් මේ අලුත් අංගය ලොකු හිසරදයක් වනු ඇති බව නොඅනුමානයි.

2 COMMENTS

Comments are closed.