AdMob හා තරඟයට Facebook වෙතින් අලුත් හඳුන්වාදීමක්

, , Leave a comment

Mobile App නිර්මාණකරුවන් ඒ apps හරහා දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයා ගැනීමට යොදාගත් Google සමාගම විසින් ලබාදෙන සේවාවකි AdMob. නමුත් මෙලෙස ලැබෙන මුදල් ප්‍රමාණය බොහෝම සුළු ප්‍රමාණයක් වීම Mobile app නිර්මාණකරුවන් පසුබැසීමට හේතුවක් ලෙස දැක්වෙනවා.

මේ ගැටළුවට විසඳුමක් Facebook සමාගම විසින් ඉදිරිපත් කරන්නට යන බවයි වාර්තාවන්නේ. Facebook සමාගමේ නිළධාරින් පවසන පරිදි පළමු වරට ඔවුන් facebook mobile app එක සඳහා දැන්වීම් පළකිරීම ආරම්භ කරන විට විවිධ අභියෝග ගණනකටම මුහුණ දීමට සිදු වූ නමුත් මේ වන විට ඒ අභියෝග සඳහා සාර්ථකව මුහුණු දීමට ඔවුන් සමත්ව ඇත. මේ සාර්ථකත්වයෙන් පසුව එහි මීළඟ පියවර ලෙස fcaebook වෙළඳ දැන්වීම් වෙනත් mobile apps තුල දර්ශණය වීමේ සේවවක් හඳුන්වා දීමට ඔවුන් මේ දිනවල පර්යේෂණ හා අත්හදා බැලීම් සිදුකරමින් පවතිනවා.

මේ අත්හදාබැලීම් සිදු කෙරෙනුයේ facebook හි මෙන්ම නිවැරදිව විවිධ ජන කොට්ඨශ ඉලක්ක කරමින් දැන්වීම් පළ කිරීම මඟින් වඩා ඵලදායි සේවයක් ලබාදීමටයි. ඒ අනුව AdMob වල මෙන් නොව විවිධ පුද්ගලයින්ගේ රුචි අරුචිකම් හඳුනාගනිමින් දැන්වීම ප්‍රදර්ශණය කිරීම මඟින් වැඩි ආදායමක් උපයා ගැනීමට mobile app නිර්මාණකරුවන්ට හැකිවන ඇත.

 

Leave a Reply