ගැහැණුන් හා පිරිමින් ෆේස්බුක් එන්නේ මෙන්න මේ නිසයි !

, , Leave a comment

පසුගිය පෙබරවාරි මාසයේ 4 වන දා ෆේස්බුක් සිය 10 වන උපන් දිනය සැමරූවේ බිලියන 1.23 ක මාසික සක්‍රීය සාමාජිකයින් (1.23 billion monthly active users) ගණනක්ද සමඟිනි. ලොව පුරා උප කාර්යයාල 37ක් හිමි ෆේස්බුක් සමාගමේ සේවකයින් ගණන 6000කට ආසන්නයි.

ඉතින් අද අපි කතාකරන්නේ දශකයකට පසු Facebook සාමාජිකයින් ඇත්ත වශයෙන්ම මේ සමාජ ජාල වෙබ් අඩවිය භාවිතකරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

SEE ALSO: ජංගම දුරකථන ලෝකයේ බලය කාන්තාවට ද?

Pew නම් පර්යේෂණායතනයේ නවතම සමීක්ෂණයකට අනුව ගැහැණු ෆේස්බුක් භාවිතකරන්නන් අතුරින් 54%ක්ම වාගේ ෆේස්බුක් භාවිත කරන්නේ ඡායාරූප හා වීඩියෝ නැරඹීමටයි. ඒ වාගේම 42%ක් පමණ ගැහැණුන් වැඩි පිරිසක් අතරේ යම් යම් දේ share කිරීමට පුරුදු වී සිටිනවා. එනම් පිරිමි අය වැඩි පිරිසක් මිතුරන් අතරේ යම් යම් දේ share කරත්, ගැහැණුන් බොහෝ විට සියල්ලම වාගේ public po‍st ලෙස share කිරීමට පෙළඹී ඇත.

එලෙසම Funny Post නැරඹීම සඳහා ෆේස්බුක් භාවිත කරන්නන් අතරිනුත් වැඩි පිරිසක් කාන්තාවන් බවයි හෙලිවී ඇත්තේ. පහතින් දැක්වෙන්නේ එම සමීක්ෂණ වාර්ථාව පදනම් කරගෙන නිර්මාණය කරන ලද සටහනකි.

2014_02_04_Facebook

[signoff predefined=”Syco Me Facebook Like” icon=”icon-facebook”][/signoff]

 

Leave a Reply