Toyota, Coca-Cola සමාගම් වලට Facebook ගෙන් තර්ජන

, , Leave a comment

Facebook කියන්නේ ලොව වැඩිම ජනප්‍රියත්වක් හිමි සමාජ ජාලයයි. මසකට බිලියන 1.3කට අධික පිරිසක් පිවිසෙන මේ සමාජවෙබ් අඩවියේ ජනප්‍රියත්වය නිසාම ව්‍යාපාර ප්‍රචාරණ මෙවලමක් විදියටත් ෆේස්බුක් යොදාගැනෙනවා. ඒ වගේම ජංගම දුරකථන හරහා ෆේ්ස්බුක් භාවිත කරන්නන් ප්‍රමාණය බිලියනකයට අධිකයි. ජංගම දුරකථනය හරහා භාවිතා කරන පිරිසි වැඩිවීමත් සමඟ ජංගම දුරකථන හරහා වෙළඳ දැන්වීම ප්‍රචාරණ ආදායමත් සීග්‍රයෙන් වැඩිවෙලා. මෙන්න මේ කරුණු නිසා Facebook සමාගමේ කොටස් වෙළඳපල වටිනාකම බිලියන 200 සීමාව පසුකර තිබෙනවා.

ඒ වගේම Google සමාගමට බිලියන 200 සීමාව පසුකිරීමට ගතවූ කාලයට බොහොමත්ම අඩු කාලයකු යි ෆේස්බුක් හට ඒ සඳහා ගතවූයේ. ඒ අනුව මේ නව කඩඉමත් සමඟ Toyota, Coca Cola, Intel වැනි දැවැන්ත සමාගම් රාශියක්ම පසුකිරීමට ෆේස්බුක් සමත් වෙලා.

වෙළඳපල වටිනාකම අතරින් ඉහළින්ම සිටින්නේ Apple සමාගම වන අතර එහි වටිනාකම ඩොලර් බිලියන 560ක්. ඒ වගේම පිළිවෙලින් තෙවන හා සිව්වන ස්ථානයේ සිටින්නේ Google හා Microsoft සමාගම්ය. ඒවායේ වටිනාකම් පිළිවෙලින් ඩොලර් බිලියන 400 හා ඩොලර් බිලියන 378කි.

SEE ALSO: Apple සමාගම ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා 10ක් !
 

Leave a Reply