Facebook තාත්වික ලෝකයට පැමිණෙන දිනය වැඩි ඈතක නොවේ ! [VIDEO]

, , Leave a comment

සමාජ ජාල ක්ෂේත්‍රෙය් ප්‍රමුඛයා වන ෆේස්බුක් ආයතනය මෑතකදී  Oculus VR සමාගම, ඩොලර් මිලියන දෙකකට මිලදී ගත් පුවත ඔබ දැනටමත් දන්නවා ඇති. ෆේස්බුක් ආයතනය තවත් යෝධ පියවරක් ඉදිරියට තැබීමේ බලාපොරොත්තුවෙන් යුතුවයි මෙම මිලදී ගැනීම සිදු කර තිබෙන්නේ. කෙටියෙන්ම කියනවනම් ෆෙස්බුක් සමග තරග වැදීමට සිටින අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි වලට වඩා පියවරක් ඉදිරියට තැබීම සදහා අරගනු ලැබූ පියවරක් විදියට මෙය හදුන්වන්න පුළුවන්. Virtual Reality නමින් හැඳින්වෙන නවීන තාක්ෂනය යොදාගනිමින් පෙරළියක් සිදුකිරීමටයි ෆේස්බුක් ආයතනය බලාපොරොත්තුව සිටින්නේ.

මෙම මිලදී ගැනීම සිදු කරන අතරතුරදී මාර්ක් සක්බර්ග්ගෙන් ඔවුන්ගේ ඉදිරි අනාගත බලාපොරොත්තුව පිලිබදව පවසා සිටියා. වීඩියෝ ක‍්‍රීඩාවන් වලට අමතරව Oculus උපකරණය නොයෙකුත් ආකාරයන්ගෙන් ජනතාවට නවතම අත්දැකීමක් එකතු කිරීමට භාවිතා කරන බව ඔහු පවසා සිටියා. ලෝකයේ නොයෙකුත් රටවල් වල වෙසෙන ශිෂ්‍යයින් සහ ගුරුවරයන් සමග එකම පන්තිකාමරයක ඉගෙනුම ලැබීමටද ලෝකයේ ඕනෑම තැනක සිටින වෛද්‍යවරයකු හමු වී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටද මෙම තාක්ෂනය ඉදිරියේදී භාවිතා කිරීමට හැකියාව තිබෙන බව මාර්ක් සක්බර්ග් උදාහරණ වශයෙන් පෙන්වා සිටියා. මේ සියලූම දේවල් කරගැනීම සදහා පුද්ගලයා කලයුතු වෙන්නේ Oculus කියන ඇස් ආවරණය පැලදීම පමණයි. එමඟින් ඔබට ඔබේ ඇස් පනාපිට දකින රූප මෙන් පැහැදිලි තාත්වික රූප ඔබ ඉදිරියේ පෙන්වන්නටත්, ඔබේ අංග චලනයන්, අක්ෂි චලනයන් හා කටහඬ ග්‍රහණය කර ඊට අනුරූපව ප්‍රතිචර දැක්වීමටත් හැකියාව ඇත.

maxresdefault dishonored-oculus

Oculus Rift උපකරණය හා චලන ප්‍රතිග්‍රහණය සඳහා නිපදවා ඇති Leap Motion උපකරණය එක්කාසු කර නිමැවෙන අපූරූ තාක්ෂණයෙන් ෆේස්බුක් පරිශීලකයින්ට ලබා ගත හැකි සුපිරි අත්දැකීම පිළිබඳ සැකසුනු වීඩියෝ පටයකුයි පහතින් දැක්වෙන්නේ.


[signoff predefined=”Syco Me Facebook Like” icon=”icon-facebook”][/signoff]

 

Leave a Reply