නරක අතට හැරෙන ඉලෙක්ට්‍රොනික දුම්වැටි

0
52

සාමාන්‍ය දුම්වැටියට එහා ගිය යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරන දුම්වැටි පසුගිය කාලයේදී බොහෝ ජනප්‍රිය වුවා. ශ්‍රී ලංකාව තුළත් නගරබද තරුණ පරපුර අතර මෙම ඉලෙක්ට්‍රොනික දුම්වැටි එසේත් නැතිනම් E-cigaretts ඉතා ඉක්මනින් ව්‍යාප්ත වුවා. මෙයට ප්‍රධාන හේතුවක් වශයෙන් විවිධ රසකාරක මෙම දුම්වැටි සඳහා භාවිතා කිරීමට හැකිවීම පෙන්වා දිය හැකි අතර මෑතකදී මෙම දුම්වැටි සඳහා සිදුකළ පරීක්ෂණයකින් එය ශරීරයට අහිතකර බව සොයාගෙන තිබෙනවා.

සාමාන්‍ය දුම්වැටි සඳහා ඇබ්බැහි වුවන් බොහෝවිට දුම්කොළ මඟින් ඇතිවන පිළිකා තත්වයන් මගහරවා ගැනීම සඳහා මෙම E-cigaretts සඳහා යොමුවෙනවා. නමුත් E-cigaretts එසේත් නැතිනම් ඉලෙක්ට්‍රොනික දුම්වැටි සාමාන්‍ය දුම්වැටි තරම් අනතුරුදායක නැති වුවත් පරීක්‍ෂණ මඟින් සොයාගෙන ඇති ආකාරයට E-cigaretts සඳහා යොදාගන්නා රසකාරක ශරීරයට අහිතකර විය හැකියි. මෙහි ඇති ප්‍රධානම දෙය තමයි E-cigaretts වල ඇති රසායනික වාෂ්ප ශරීරගත වීම, එය සිදුවන්නේ E-cigaretts සඳහා යොදාගන්නා “Cartridge” එක මඟින්.

Image Copyright: irishmirror.ie

වෛද්‍ය Joseph Wu ප්‍රමුක කණ්ඩායමක් විසින් සිදුකරන ලද පරීක්ෂණයක ප්‍රතිපලයක් වශයෙන් තමයි මෙම විද්‍යුත් දුම්වැටි අනතුරුදායක බව සොයාගෙන තිබෙන්නේ. ඔවුන් විසින් පරීක්ෂණාගාරයක් තුළ නිපදවූ මිනිස් රුධිර වාහිනී තුළ ඇති සෛල කිහිපයක් සහ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සඳහා භාවිත කරන රසකාරක (නිකොටින් (nicotine) අඩංගු නැති) හයක් යොදාගෙන මෙම පරීක්ෂණය සිදුකොට තිබෙනවා.

තවද ඔවුන් විසින් විද්‍යුත් දුම්වැටි පානය කළ පුද්ගලයන් කිහිපදෙනේකුගේද රුධිර සාම්පල සමඟින් මෙම පරීක්ෂණය සිදුකොට තිබෙනවා, ඔවුන් මෙමඟින් සිදුකර ඇත්තේ හෘද වාහිනී පද්ධතියට මෙය බලපාන අයුරු පරීක්ෂා කිරීමටයි, එමෙන්ම මෙම පරීක්ෂණ කණ්ඩායම විසින් දුම්වැටි පානය නොකරන පුද්ගලයන් සහ සාමාන්‍ය දුම්වැටි දිනපතාම භාවිතා කරන පුද්ගලයන් යෝදාගෙන ද මෙම පරීක්ෂණය සිදුකර තිබෙනවා.

පිපිරීමට ලක්වූ විද්‍යුත් දුම්වැටියක බඳ කොටසක්.
Image Copyright: Asian Express Newspaper

මෙම පරීක්ෂණය මඟින් සනාත වී ඇති ආකාරයට නිකොටින් (nicotine) අඩංගු නැති රසකාරක මඟින්ද හෘද ආශ්‍රිත රෝග ඇතිවීමට ඇති ඉඩකඩ ඉතාමත් ඉහලයි. එමෙන්ම Cinnamon සහ Menthol රසකාරක ඉතා විෂ සහිත බවත් සමස්තයක් වශයෙන් නව රුධිර වාහිනී නිපදවීම අවම වීමත්, දැනට ඇති රුධිර වාහිනී විනාශ වීමත් සිදුවන බව මෙම පරිෂණ කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා. තවද මෙම විද්‍යුත් දුම්වැටි(E-cigarettes) භාවිතා කරන අතරතුර පිපිරීමට ද ලක්වීමට ඉඩකඩ තිබෙන අතර එවැනි අනතුරු කිහිපයක්ම සිදුවන ආකාරයන් පිළිබඳ වීඩියෝ පට අන්තර්ජාලය තුළදී දැකගැනීමට ද පුළුවන්.

කෙසේ නමුත් මෙවැනි නිෂ්පාදන ශරීරයට හොඳම නැත, ඔබ විසින් සාමාන්‍ය දුම්වැටි වලට වඩා විද්‍යුත් දුම්වැටි හොඳ යැයි විශ්වාස කරන්නේ නම්, එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති අතර මොනයම් හෝ අකාරයකින් ඔබ විද්‍යුත් දුම්වැටි භාවිතා කරන්නේ නම් ඒ පිළිබඳව නැවතත් සිතා බැලීම ඔබටත් ඔබගේ සෞඛයටත් ඉතා යහපත් වනු ඇත.

මේ පිළිබඳව ඔබගේ අදහස අනිත් යටත් දැනගන්න පහළින් Comment කරන්න. මේ වගේ අලුත් දේ අනිත් අයටත් දැනගන්න Share කරන්න.