මත්පැන් පානයෙන් වෙනත් භාෂා කතා කිරීමට හැකිවන බව සොයා ගැනේ

ප්‍රියසම්භාෂණ වලදී ටිකක් වැඩිපුර ඇල්කොහොල් ගත්තම ඉංග්‍රීසි  හෝ වෙනත් භාෂාවක් කතාකරන්න උත්සහකරන යාලුවෙක් එහෙමත් නැත්තන් වෙනත් කෙනෙක් ගැන අත්දැකීමක් අපි හැමෝටම තියෙනවා.

ඇත්තටම ඇල්කොහොල් පානය කිරීමෙන් වෙනත් භාෂා කතාකිරීමට අපේ සිරුරෙන් පොඩි උත්තේජනයක් ලැබීම සත්‍ය කරුණක්ද…? නෙදර්ලන්තයේ Maastricht විශ්ව විද්‍යාලයේ කරනලද පරීක්ෂණයකදී මෙහි කිසියම් සත්‍යතාවක් පවතින බව හෙළි වී තිබෙනවා.

ජර්මන් භාෂාව කතා කරන පුද්ගලයන් 50 දෙනෙකු සහභාගී කරගෙන මෙම පරීක්ෂණය සිදුකර තිබෙන අතර මෙහිදී “Dutch” භාෂාව කතා කිරීමේ හැකියාව පරික්ෂාකර තිබෙනවා. මෙම පරිෂණයේ ප්‍රථම පුද්ගලයන් 25 දෙනා හට ඔවුන්ගේ ශරීරයේ බරට ගැළපෙන ප්‍රමාණයට ඇල්කොහොල් ලබාදී ඇති අතර අනෙත් 25 දෙනා හට ජලය පමණක් ලබාදී තිබෙනවා. මෙම පරීක්ෂණයේ දී ඇල්කොහොල් පානය කළ පුද්ගලයන් හට “Dutch” භාෂාව ඉතා හොඳින් උච්චාරණය කිරීමට හැකි වී තිබෙන අතර ජලය පමණක් පානය කළ පුද්ගලයන්ට වඩා එය ඉතා හොඳ ප්‍රතිශතයක් බවට හෙළිවී තිබෙනවා.

මේ ගැන ඔබේ යාලුවන්ටත් දැනගන්න Share කරන්න. මෙවැනි අලුත් තොරතුරු රැසක් දැනගැනීමට අපත් සමඟ එකතු වෙන්න.