Disney + එක්ක She Hulk සහ Ms.Marvel ළඟදීම

0
657

Netflix , HBO සහ Apple TV ආදී Steaming Services කියන්නේ විශේෂයෙන්ම අළුතින් නිකුත් වන Movies සහ Tv Series වලට හොඳ වෙළඳපොළක් මෙන්ම රසිකයන්ටද හොඳ අවස්ථාවක්. මන්දයත් Steaming Services භාවිතය ඉතා පහසුවක් වීමයි. ඉතින් මේ  Steaming Services වලට අලුතින්ම එක්වන්නට යන Steaming Service එක තමයි “Disney + (Plus)” කියන්නේ.

Disney කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්, ඒකට හේතුව ලෝකයේ ප්‍රකට චිත්‍රපට රැසකම නිර්මාණකරුවා “Disney” සමාගම වීමයි. විශේෂයෙන්ම කුඩා දරුවන් වෙනුවෙන් Disney සමාගම තම නිර්මාණ සිදුකිරීම නිසා ලෝකය පුරා විශාල ජනාදරයක් දිනාගැනීමට Disney සමාගමට හැකිවී තිබෙනවා. Disney සමාගම මුලිකවම ඔවුන්ගේ නිෂ්පාදන මෙම “Disney +”  හරහා විකාශය කිරීමට නියමිතයි. උදා:- Star Wars, Marvel සහ Pixar movies.

“Disney +” හරහා ප්‍රථම වරට විකාශය කිරීම සඳහා Disney සමාගම විසින් නවතම පෙරළියක් කිරීමට සුදානම් වෙනවා. එනම් එතෙක් මෙතෙක් ඉතා විශාල ජනප්‍රියත්වයක් දිනාගත් චරිත කිහිපයකට තවත් අලුත් හැඩයක් එකතු වෙනවා. තවත් විදිහකින්  කියනවානම් “Marvel Studios” වෙතින් කරළියට පැමිණි “Hulk” යන චරිතයට “She Hulk” නමින් කාන්තා චරිතයක් මෙන්ම “Ms.Marvel” නමින් තවත් කාන්තා චරිතයක් එක් වීමට නියමිතයි. ඒ වගේම “Moon Knight” ලෙස තවත් චිත්‍රපටයක් මේ සමඟම පැමිණීමට නියමිතයි.

“Disney +” සේවාව මේ වසරේ නොවැම්බරයේදී ඇමරිකාව, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව ආදී රටවල් කිහිපයකම නිකුත් කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති අතර ආසියාතික රටවලට මෙය නිකුත් කිරීමේ දින වකවානු දැනට සඳහන් කර නොමැත. 

“Disney +” සේවාව, ස්මාර්ට් ජංගම දුරකථන , ටැබ් පරිඝණක, පරිඝණක, connected TVs සහ streaming media boxes සඳහා නිකුත් වීමට නියමිත අතර  “Disney +” ඇමරිකාවේදී මාසිකව ඇ.ඩො. 7 පමණ හෝ වසරකට ඇ.ඩො. 70 පමණ මිළකට හඳුන්වාදීමට නියමිත අතර 4K සඳහා “Disney +” සේවාව තුළ අමතර අය කිරීමක් නොමැති බවද සඳහන් වෙනවා.

කොහොම වුවත් දැනට ඇති Steaming Services සඳහා “Disney +” හොඳ තරඟයක් දෙනු ඇති බවට අනුමාන කිරීමට හැකියාව තිබෙන අතර මෙම සුපිරි අත්දැකීම ඉතාමත් ඉක්මනට ලාංකික අපිටත් විඳගැනීමට හැකිවෙයි යැයි ද බලාපොරොත්තු විය හැකිය.