අගහරු වෙත NASA ආයතනය විසින් යවා ඇති Curiosity rover (ක්යුරියෝසිටි රෝවෙර්) නමින් හඳුන්වන කැමරා හා සංවේදක උපකරණ සහිත රොබෝව මගින් අගහරු මත දී ගන්නා ලද ඡායාරූප මගින් එහි අත්භූත ස්ත්‍රීයක් ඇවිද යන බවක් පෙන්නුම් කරයි. මෙම Curiosity Rover අගහරු වෙත ලගා වූයේ 2012 අගෝස්තු මස 05 වන දිනයි. එතැන් පටන් නොකඩවා වසර තුනක් (3) යනතුරු අගහරු පිලිබවදව තොරතුරු පෘථිවියට ලබා දෙන දුන්නා. මෙය මෙසේ පෙනෙන්නේ ගල් පර්වත වල පිහිටීම නිසා යයි සිතිය හැකි නමුත් මේ හා බැදුණු අත්භූත සිදුවීම් ඇතැයි සැක කෙරේ.

Curiosity හි නියෝජිත සමාගම විසින් එහි තොරතුරු දැනගත හැකි ආකාරයට වෙබ්අඩවියක් (website) එළිදක්වා තිබෙනවා. මේ මගින් අගහරුගේ භූ ලක්ෂණ සහ වෙනත් තොරතුරු දැනගත හැකි වන අතරම 2020 දී අගහරු පිළිබද තවදුරටත් විස්තර ලබා ගැනීම සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත රෝවර් මෙහෙයුම (rover mission) හා සම්බන්ධ අගහරු ගවේෂණ වැඩසටහන ( Mars Exploration Program) පිළිබඳවද වැඩිදුර තොරතුරු ලබා ගත හැක. මේ මගින් 2030 දී අගහරු පිළිබඳ සිදුකරන ගවේෂණයට පිරිස් එක්කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

එමෙන්ම පෘථිවිවාසීහු මෙම ස්ත්‍රී රුව “අඩ වශයෙන් ආවරණය කරන ලද පෙනුමකින් යුක්ත” (a woman partly cloaked) ස්ත්‍රී රුවකට සමාන බව කියති. තවද සමාජ ජාල මාධ්‍ය වල මෙම රූපය “කාළ වර්ණ ස්ත්‍රිය” (Dark Lady) ලෙස හදුන්වයි. මෙවන් දේ විශ්වාස නොකරන උදවිය ප්‍රකාශ කරන්නේ මෙහි එවන් යමක් නොමෙති බවත්, එදෙස බලන විට දෘෂ්ටි සැකසුම් ක්‍රියාවලියේ සිදුවන දෝෂ ඇති බවත් එමගින් මනස රවටවන බවත්ය.
එමෙන්ම මෙම ස්ත්‍රී රුව ඇති ස්ථානය ආසනයේම ඇති තවත් තැනක ගල්වල පිහිටීම මගින් එහි ගල්ලෙනක (cave dwelling) ස්වරුපය දිස්වන බව ගවේශකයින් කියා සිටියි.

මෙම Dark Lady ඡායාරුපය පළවීමට ප්‍රථම වඩාත් ආන්දෝලනාත්මක වූ ඡායාරුපයක් වූ “අභ්‍යවකාශ කකුළුවා” (space-crab) නම් වූ ඡායාරුපයද Curiosity rover මගින් රතු ග්‍රහයා මතදී ලබා ගන්න ලද එකකි. මෙම අභ්‍යවකාශ කකුළුවා හෙවත් space-crab, Pareidolia සදහා නිදසුනක් වන බව SETI ගවේෂණයේ (SETI Research) ජ්‍යෙෂ්ඨ තාරක විද්‍යාඥයෙක් වන සෙත් ශෝස්ටක් (Seth Shostak) විසින් ප්‍රකාශ කර ඇත.
“මේ පින්තුර මට ලබාදුන් අය පවසන දෙයක් තමයි මෙතැන අපි විශ්වාස නොඅරන දෙයක් තියෙන්න පුළුවන් කියන එක. එයාල ඒ සදහා සාධක කරගත්තේ රතු ග්‍රහයාගේ පෘෂ්ටයේ තිබෙන මලකඩ බැදුනු, දුවිලි පිරුණු ස්වභාවය. ඒවා සමහර සත්ව කොට්ඨාශ වලට අයිති වෙන්නත් පුළුවන්. ඒ අතරම සමහරවිට අපි නොහිතන විදියක අත්භූත වස්තුවක් වෙන්නත් පුළුවන්.හරියට මෝටර් රථ කොටස් (automobile parts) වගේ. කවුද දන්නේ එයාල හිතන් ඉන්නවද කියල එයාල අගහරු මත ගමන් කරන මෝටර් රථ කියල”
මෙම අත්භූත ස්ත්‍රී රූපය හෙවත් Dark Lady අගහරු මත ඇත්ත වශයෙන්ම නැති වෙන්න පුළුවන්. නමුත් Curiosity rover මගින් ලබා දෙන ඡායාරුප නිසා ඕනෑම කෙනෙකුට එය ඇත්තම වගේ පෙනෙනවා.

https://youtu.be/2U8LWr3DyKI

අන්තර්ජාලය ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here