Port City යේ බිම් සැකසීම අවසන්, ඉදිකිරීම් නුදුරේදීම ආරම්භ වෙයි[Video]

ශ්‍රී ලංකාවේ වරාය නගරය එහෙමත් නැතිනම් Port City පසුගිය කාලයේදීම විවිධ හේතුන් මත තරමක් කතාබහට ලක් වූ ව්‍යාපෘතියක් බවට පත්වී තිබුනු අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිම වියදමක් දැරූ ව්‍යාපෘතියන්ගෙන් එකක් ද වනවා. මෙම වරාය නගරය මුහුද ගොඩ කිරීම මඟින් සාදන අතර මේ වනවිට මෙහි භුමිය සැකසීම අවසාන අදියරට පැමිණ තිබෙන බව සඳහන් වෙනවා.

මෙගා පොලිස් සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයේ තොරතුරු අනුව මෙම වරාය නගරයේ ඉදිකිරීමේ කටයුතු ඉතාමත් ඉක්මනින් ආරම්භ වේයැයි බලාපොරොත්තු විය හැකිය. හෙක්ටයාර 269 ක භූමි ප්‍රමාණයකින් යුතු මෙම වරාය නගරය ශ්‍රී ලංකාවේ මුල්‍යමය සහ ව්‍යාපාර කේන්ද්‍රස්ථානය වශයෙන් පවත්වාගෙන යාමට නියමිත අතර දැනට ලංකාව තුල ඇති ව්‍යාපාර සඳහා ඇති නීතිරීති වරාය නගර තුළ ඇති ව්‍යාපාර සඳහා තරමක් වෙනස්වන බව සඳහන් වෙනවා.

Image Copyright: globalconstructionreview.com

වරාය නගරයේ ඉදිකිරීම් අවසානයේ දිස්වන අයුරු සැලැස්මකින්.

මෙහි ඇති හෙක්ටයාර 269 ක භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 116 ක් චීන සමාගමක් වන China Communications Construction Company (CCCC) සමාගම යටතේ පවතින අතර, ඉතිරි ප්‍රමාණය ශ්‍රී ලංකානු රජය යටතේ පවතිනවා. ශ්‍රී ලංකා රජයට අයත් භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 62 ක කොටසක මුල්‍යමය නගරයක් සහ ඉතිරි හෙක්ටයාර 91 ක භූමි ප්‍රමාණය පොදු පරිභෝජනය සඳහා වෙන් කෙරෙන බව සඳහන් වෙනවා.

ලෝකයේ වඩාත් දියුණු රටවල දැකිය හැකි මෙවැනි වරාය නගරයන් ලංකාව තුළදීත් නුදුරු අනාගතයේදී දැකගැනීමට අපිට හැකියාව තිබෙනවා.