මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් වන Nissan, Toyota සහ Tesla වැනි සමාගම් self-driving මෝටර් රථ පිලිබඳ අවධානය යොමු කරන අතරේ චීන පර්යේෂකයන් පිරිසක් ඔබේ සිතුවිලි පරාසයෙනුත් ඔබ්බට මෝටර් රථ ධාවන තාක්ෂණය ගෙන යාමට සමත් වෙලා තිබෙනවා. මේ චීන පර්යේෂකයන් මෙසේ හිමිකම දරන්නේ ලොව ප්‍රථම මිනිස් මනසෙන් පාලනය කල හැකි මෝටර් රථයටයි. මේ මෝටර් රථයේ සම්පූර්ණ ධාවනය පාලනය කෙරෙන්නේ මිනිස් මනසෙනි. සමහර විට ඔබ මෙවැනි මෝටර් රථ චිත්‍රපට වල නම් දැක තිබෙන්නට පුළුවන්.

Tianjin, Nankai විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මෙලෙස මිනිස් මොළයේ සංඥා කියවිය හැකි උපාංගයක් නිර්මාණය කොට තිබෙනවා. මේ හරහා වාහනය ඉදිරියට පැදවීම, පසුපසට පැදවීම, නැවත්වීම සහ මෝටර් රථය අඟුළු දැමීම සහ ඉවත් කිරීම රියදුරුගේ අත් හෝ කකුල් භාවිතයෙන් තොරව සිදු කර ගන්නට පුළුවන්. මොවුන්ට මේ නිර්මාණය යථාර්තයක් කිරීමට වසර දෙකක් පමණ ගත වෙලා තිබෙනවා.

මෙලෙස නිර්මාණය කර ඇති හිසෙහි පැළදිය හැකි උපාංගය electroencephalogram (EEG) සංවේදක 16 කින් යුක්තයි. ඒ සංවේදක රියදුරුගේ මොලයෙන් ලබා දෙන සංඥා හසු කරගන්නට සමත්. මෙලෙස ලබා ගන්නා සංඥා රැහැන් රහිතව පරිගණක වැඩසටහනකට සම්ප්‍රේෂණය කරනවා. පසුව සංඥා වලට අනුව අදාළ මෝටර් රථය හසුරවනු ලබනවා. ඉතා මෑතකදීම Google Car වැනි රියදුරු නොමැති මෝටර් රථ සඳහාත් මේ තාක්ෂණය එක් වෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. මේ මෝටර් රථයේ ක්‍රියාකාරිත්වය පහත වීඩියෝවෙන් දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here