නවතම බොයින් යානා අනතුරට ලක්වන හේතුව මෙන්න

0
29

ගුවන් යානා අනතුරු පිළිබඳව නිරන්තරයෙන් අසන්නට නොලැබුනත් මෑත කාලයේදී සිදු වූ ගුවන් යානා අනතුරු හේතුවෙන්  නැවතත් බොහෝ දෙනා ඒ පිළිබඳව සැලකිළිමත් වන්නට පටන් ගෙන තිබෙනවා. මේ අතරින් 2014 මාර්තු 14 සිදුවූ (MH 370) මැලේසියානු ගුවන් අනතුර අදටත් රහසක් වී තිබෙනවා.තාක්ෂණය දියුණු ලෝකයේ මෙම සිදුවීම පිළිබඳව අදටත් විවිධ මත පලවුනද එම ගුවන් යානයට සිදු වූ දෙය හෝ එම ගුවන් යානයේ කැඩුනු කොටස් පිළිබඳවවත් තොරතුරු සොයා ගැනිමට නොහැකි වී තිබෙනවා.  

එවැනිම දරුණු ගුවන් අනතුරක් වූ 189 දෙනෙකුගේ ජිවිත වලට තිත තබමින් Ethiopian ගුවන් සමාගමට අයත් බෝයිං 737 MAX 8 යානය 10 March 2019 අනතුරට ලක් වූ බව මේ වන විටත් අප දන්නවා. මෙවැනි ගුවන් අනතුරු සිදුවන්නේ කෙසේද? ඒ සඳහා පිළියම් තිබෙනවද? අද බොහෝ ගුවන් යනා නිෂ්පාදන ආයතන මේ පිළිබදව දැඩි ලෙස උනන්දු වෙමින් පවතිනවා.

බෝයිං 737 MAX 8 ගුවන් යානය අනතුරට ලක් වුයේ කෙසේද?

Image Copyright: STANDBY Nordic

බෝයිං 737 MAX 8 නිර්මාණය කරන විට ඔවුන් වැඩි කාර්යක්ෂම හා විශාල එන්ජිමක් සහිතව ගුවන්යානය  නිර්මාණය කිරීමට උත්සහ කර තිබෙනවා.  මෙම එන්ජිම 14% ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබදිමටත් සමත් වී තිබෙනවා. මෙම අධිබලැති එන්ජිම නිසාම මෙම ගුවන්යානය පාලනය කිරීම පහසුව සඳහාම MCAS (Maneuvering Characteristics Augmentations System) නමැති පද්ධතියක් මේ ගුවන්යානයට යොදාගෙන තිබුණා. මෙම පද්ධතිය මීට පෙර කිසිදු  බෝයිං 737 ගුවන් යානයක භාවිතයට නොගැනුනු නව පද්ධතියක්.

ගුවන් යානයක් ගමන් ආරම්භ කරන විට වඩාත්ම සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ එහි පියාසර කෝණයයි. එය ගුවන්යානයක ප්‍රහාරක කෝණය AOA (Angle of Attack)  ලෙස හැදින්වෙනවා. මෙම AOA කෝණය අංශක 15 සිට 20 දක්වා අගය ඉහල යන්නේ නම් ගුවන් යානයේ ඉදිරි පස කොටස මෘදුකාංගය මගින් පහලට තල්ලු කරනු කරණු ලබනවා

එනම් ගුවන්යානය පොළොවේ සිට අහසට එසවීමේදී යම් හෙයකින් යානයේ ඉදිරිපස කොටස ගුවනට එසවෙන ප්‍රමාණය පමණට වඩා වැඩිනම් මෙම මෘදුකාංගය මඟින් ස්වංක්‍රීයව ගුවන්යානයේ ඉදිරිපස කොටස පොළොවට ආනති කරණු ලබනවා.  

නමුත් මෙහිදී සිදු වුයේ MCAS පද්ධතිය මඟින් යානය ගුවන්ගත වන කෝණය පිළිබඳ වැරදි තොරතුරු ලබාගැනීමයි. එම නිසා ගුවන්ගතවී මිනිත්තු කිහිපයකට පසු මෘදුකාංගය මඟින් යානාව පොළොවට ආනති කර තිබෙන අතර එමඟින් ගුවන් නියමුවාට යානයේ පාලනය ගිලිහී තිබෙනවා. මේ හේතුවෙන් පරිගණක පද්ධතිය හා නියමුවා අතර යානය පාලනය කිරීමේ තරගයක් ඇති වී තිබෙන අතර අවසානයේ අවාසනාවන්ත ලෙස පරිගණක පද්ධතිය ජයගෙන ගුවන් යානයේ අවසන් චාරිකාව ලෙස නියමුවන්, කාර්යමණ්ඩලය හා මගින් සියලු දෙනා සමග විනාශයට පත් වන්නේ 157 දෙනෙකුගේ ජිවිතත් අවසන් කරමිනි.