දුම්වැටි සමාගමකට එරෙහි නඩුවෙන් කාන්තාවකට ඩොලර් බිලියන 23.6ක් ලැබුනේ මේ නිසයි !

0
712

පසුගිය දිනක ලෝකයේ ප‍්‍රවෘත්තී අවධානය තවත් එක් සුවිශේෂි කරුණක් වෙත යොමුවිය. ඒ ලොව විශාලතම දුම්කොළ සමාගමකට එරෙහිව අධිකරණයක් ලබාදුන් තීන්දුවක් සම්බන්ධවයි. එක්සත් ජනපදයේ ඇති සිගරට් කර්මාන්ත අතරින් දෙවන විශාලතම සමාගම වන ඍ න්‍ රෙනෝල්ඩිස් සමාගමට එරෙහිව මේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරන ලදී. දෙවන විශාලතම දුම්කොළ සමාගම තවත් ආකාරයකින් හැඳින්වුවහොත් ඇමරිකාවේ සිගරට් භාවිතය නිසා මියයන මිනිසුන්ගෙන් දෙවානියාට වැඩියෙන්ම මිනිසුන් ප‍්‍රමාණයකගේ මරණයන්ට හවුල් වන්නේ මෙම සමාගම බව කිවහොත් නිවැරදිය.
ෆ්ලොරිඩා ප‍්‍රාන්ත වැන්දඔු කාන්තාවක් වන සින්තියා රොබින්සන් මහත්මිය විසින් ඉහත සඳහන් කල දුම්කොළ සමාගමට එරෙහිව ගොනුකරන ලද මේ නඩුවෙන් ඇය සිය අයිතිය මෙන්ම දරුවන්ගේ අයිතියද ඉල්ලා සිටියේය. ඇයගේ ස්වාමීපුරුෂයා ඔහුට වයස 36 ක් ව තිබියදී පෙනහළු පිළිකාවකින් මිය යාම මෙම නඩුව ගොනුකිරීමට හේතුවයි. මන්ද ඔහු වයස 13 පමණ කාලයේ සිට සිගරට් භාවිතයට හුරුව එය මියන තුරුම පවත්වාගෙන ගිය පුද්ගලයෙකු වීමයි. වසර 08 ක් පමණ කාලයක් මේ පිලිබඳව අධිකරණයේ නඩුව විභාග වූ අතර පසුගිය දිනක එහි තීන්දුව ලබා දෙමින් ෆේලොරිඩා අධිකරණය නියම කරන ලද්දේ මෙම වැන්දඹු කාන්තාවට ඩොලර් බිලියන 23.6 ක් වන්දි වශයෙන් ලබා දියයුතු බවයි. මෙම නඩු තීන්දුවත් සමගම ඇමෙරිකා එක්සත් ජනපදය පුරා මේ වන විට දුම්කොළ කර්මාන්තයන්ට එරෙහිය නඩු පැවරීම ඉහල ගොස් ඇතැයි මාධ්‍ය වාර්තාකරයි. එක්සත් ජනපදයේ විවිධ ප‍්‍රාන්ත වල එවන් නඩු 8000 ක් පමණ විමසමින් ඇති අතර මෙම තීන්දුව සමග සිගරට් සමාගම් නිසා අගතියට පත්වූ බොහෝ පිරිස් එම සමාගම් වලට එරෙහිව නඩු මගට පිවිසීමේ ප‍්‍රවණතාවක් ඇති වනු ඇතැයි නීතීඥවරයෙකු සඳහන් කර ඇත.

SEE ALSO: දුම්බීමේ පුරුද්ද අතහැරගන්න හොඳම apps මෙන්න !!

එසේම ඔහු වැඩිදරටත් සඳහන් කරන්නේ මෙවන විට සිගරට් කර්මාන්ත වලට එරෙහිව විභාග කොට අවසන් වූ නඩු වලින් 70% පමණ ජයග‍්‍රහණය කිරීමට පැමිණිිලිකාර පාර්ශවයන් ලෙස මහජනතාවට ලැබී ඇති බවයි. මීට පෙර අවස්ථා ගණනාවකදී ඇමරිකාවේ දුම්කොළ සමාගම් වලට එසේ ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් වන්දි ගෙවීමට සිදුවී ඇත. මෙම උද්ගත වී ඇති නවතම ප‍්‍රවණතාවය එක්සත් ජනපදයේ සිගරට් කර්මාන්තයට අභියෝගයක් වී හමාරයි. මෙහි ඊළග පියවර විය යුත්තේ වෙනත් රටවලද සිගරට් සමාගම් වලට එරෙහිට නීති මගින් කටයුතු කිරීමට ආරම්භ කිරීමයි. අප වැනි තුන් වැනි ලෝකයේ රටවල ජනතාව ඒ සඳහා බියක් දකවන හැඩක් පෙනෙන්නට තිබේ. ඒ මෙවැනි නඩු අපේ රටට තවමත් හුරුපුරුද් නොවීමයි. අපේ රටේද වසරකට 20,000 පමණ මිනිසුන් සිගරට් භාවිතය නිසාම මියයන බව සඳහන්වේ. එසේ මියයන්නේ දරු පවුලක් නඩත්තු කරමින් සිටි පියෙකු, ස්වාමී පුරුෂයකු හෝ රටේ ශ‍්‍රම දායකත්වය සපයමින් සිටි අයකු වියහැකිය. එවන් වටිනා ජීවිත කොතරම් ප‍්‍රමණයක් මේ වන විට සිගරට් භාවිතය නිසා රටට දැයට අහිමි වී ගොස් ඇතිද? එසේ පවුලකට තිබුණු එකම රැුකවරනය අහිමි කිරීමට ලෝකයේ ඕනෑම සමාගමක භාණ්ඩයක් දායක වූයේ යයි පැහැදිලිව ඔප්පු කල හැකිනම් ඕනෑම අයකුට සිය අයිතිය ලබා ගැනීම වෙනුවේ නීතියේ පිහිට පැතිය හැකිය. එහෙත් පුද්ගලයාගේ වියෝව නිසා ඇකි වූ හිස්බව, පාඩුව කිසිවෙකුටත් මැකිය නොහැකි අතර, එම පුද්ගලයාගේ අහිමි වීමෙන් දරු පවුලකට සිදුවූ පාඩුව කිසියම් සාදාරණ ක‍්‍රමවේදයකට ගණනය කොට වන්දි මුදලක් ලබා දීමට අධිකරණයන් විසින් කටයුතු කරනු ඇති.

මෙම අවස්ථාව අපේ රටේද ඇතිකිරීම අනාගතයේ බොහෝ සිගරට් නිසා සිදුවන මරණ අවම කරගැනීමට හේතුවක් වනු ඇති. දුම්කොළ සමාගම් හිතාමතාම සියුම් උපායන් මගින් සිගරට් භාවිතයේ සත්‍ය බලපෑම වසං කිරීමට කටයුතු කර ඇති බව ඇමරිකාවේ සියළු නඩු විභාග කිරීමේදී හෙළිවිය. අපේ රටේද දුම්කොළ සමාගම් හැසිරෙන්නේ ඒ අකාරයෙන්ම බව අමුතුවෙන් කිවයුතු නොවන්නේ පසුගිය කාලයේ සිගරට් පැකට් මත රූපමය සෞඛ්‍ය අවවාදයන් මුද්‍රණයට එරෙහිව ඔවුන් කටයුතු කල ආකාරය අපි හොඳින්ම වසර දෙකක සිට අතිවිඳි නිසායි.

දුම්බීමේ පුරුද්ද අතහැරගන්න හොඳම apps මෙන්න !!