ජංගම දුරකථන විකුණන්නේ – මිලදී ගන්නේ බලාගෙනයි

, , 2 Comments

දැන් කාලේ ලංකාවේ බොහෝ තරුණ පිරිස් එක් ජංගම දුරකථනය භාවිත කරන්නේ කෙටි කාලයකට පමණයි. ජංගම දුරකථන තාක්ෂණයේ හා පහසුකම් වල දියුණුව නිසාත් සුපිරි ජංගම දුරකථන වල මිලා සීග්‍රෙයන් පහළ බැසීම නිසාත් බොහෝ දෙනෙකු කෙටි කළකින් පසුව වෙනත් හොඳ ජංගම දුරකථනයකට මාරු වීමට පෙළඹී තිබෙනවා. ඉතින් එලෙස වෙනත් ජංගම දුරකථනයක් මිලදී ගන්නට පෙර බොහෝ දෙනෙකු කරන්නේ තමා සතු ජංගම දුරකථනය විකුණ දමන එක. මේ ලිපියෙන් වැදගත් වන්නේ එලෙස ජංගම දුරකථනයක් විකුණන අයට සහ පාවිච්චි කරන ලද ජංගම දුරකතන මිලදී ගන්නා අයට යි.

 

Second Hand ජංගම දුරකථනයක් විකිණිමට පෙර.

ජංගම දුරකථනයක් කියන්නේ ඔබේ පුද්ගලික මෙන්ම රහසිගත තොරතුරු බොහෝමයක් සහිත උපකරණයක්. ඔබේ මිතුරන්ගේ තොරතුරු, ඡායාරූප, ඔබත් ඔබේ පෙම්වතියත් සිටින ඡායාරූප, සමහර විට ඔබේ පෙම්වතියගේ ඔබ පමණක් දැකිය යුතු ඡායාරූපත් ඔබේ ජංගම දුරකථනයේ තිබෙන්නට පුළුවන්. මම දන්නවා..! ඔයාලා දක්ෂයි. ඉතින් ඔයගොල්ලෝ හැමෝම ජංගම දුරකථනය විකිණිමට පෙර ඒ සියළුම දත්ත ජංගම දුරකථනයෙන් මකා දමන්නට අමතක කරන්නේ නැහැ. ( ඒත් ඒකත් අමතක කරන අයත් ඕන තරම් ඉන්නවා. ) නමුත් ඔබ දන්නවාද යම් හෙයකින් කෙනෙකුට අවශ්‍ය නම් Recovery software එකක් ආධාරයෙන් එලෙස මකා දැමූ දත්ත නැවත ලබාගන්නට පුළුවන් බව.

ඉතින් දැන් මොකද කරන්නේ ! හැමදාම එකම ෆෝන් එකම තියාගෙන ඉන්නද වෙන්නේ. නැහැ. ඔබට සම්පූර්ණයෙන්ම දත්ත delete කරන්න පුළුවන් software එකක් තමයි cCleaner කියන්නේ. එහි ඇති Drive Wiper පහසුකම මඟින් ඔබට ඔබේ රහසිගත දත්ත සම්පූර්ණයෙන්ම මකා දැමිය හැකියි.

OverwriteData01

පාවිච්චි කරන ලද ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පෙර.

පාවිච්චි කරන ලද ජංගම දුරකථන මිලදී ගන්න බොහෝ දෙනෙක් අකමැත්තක් දැක්වුවත් යම් පිරිසක් ඉන්නවා පාවිච්චි කරන ලද දුරකථන මිලදී ගැනීම වාසිදායක යැයි සිතන. එසේ සිතන්නට බොහෝ සෙයින් හේතු වෙන්නේ ජංගම දුරකථනයේ මිල. ජංගම දුරකථනයේ සාමාන්‍ය මිලට වඩා පාවිච්චි කරන ලද ජංගම දුරකථනයක මිල බොහෝම අඩු බැවින් සහ මිලදී ගත් මුදලට ආසන්න මිලකට අලෙවි කර දැමිය හැකි වීමට හේතු වේ.

ඒත් සිතන්න ! යම් කෙනෙක් සොරකම් කරන ලද, හෝ අපරාධයකට සම්බන්ධ දුරකතනයක් ඔබට අලෙවි කලොත්. බොහෝවිට එවැනි ජංගම දුරකථන ඉතා අඩු මුදලකට විකුණා දමන නිසා ඔබ එවැනි ජංගම දුරකථනයක් මිලදී ගන්න පෙළඹීමේ අවස්ථාව වැඩියි. ඒත් ඔබ දන්නවාද ජංගම දුරකථනයක් නැතිවූ විට එහි IMEI අංකය භාවිතයෙන් නැවත ජංගම දුරකථනය සොයාගැනීමට හැකියි.

ඒක වෙන්නේ මෙහෙමයි..ජංගම දරකථනයේ සැබෑ අයිතිකරු තමන්ගේ නැතිවූ දුරකථනය ගැන පොලිසියට පැමිණිළි කරාම පොලිසිය විසින් එය TRCL (විදුලි සංදේශ නියාමන කොමිසම හට දැනුම් දෙනවා..ඉන්පසු TRCL මගින් මේ පිළිබඳ ලංකාවේ ක‍්‍රියාත්මක සියලූම ජංගම දුරකථන සේවා සැපයුම් කරුවෙක් හටම දන්නනවා..ඉන් පසු ඔවුන්ගේ දත්ත අනුසාරයෙන් එම ජංගම දුරකථනය දැන් භාවිතා කරන්නාගේ තොරතුරු සොයාගෙන පොලිසියට බාරදෙනවා. ඉන් පසුව පොලිසිය ඒ හරහා තමන්ගේ රාජකාරිය කරනවා. එවිට ඔබට ඔබ යම් කෙනෙක්ගෙන් මිලදීගත් බව සනාථ කරන්නට සහතිකයක් නැත්නම් ඔබ වැටෙන්නේ ලොකු අමාරුවක බව කියන්න දෙයක් නැහැ නේද?

ඔබේ ජංගම දුරකථනය නැතු වුනොත්?

මේ දේවල් කියපු එකේ ඔබේ ජංගම දුරකථනය නැතුවුනොත් සොයාගන්න විදිය ගැනත් කියන්නම්. ඒ සඳහා ඔබට ඔබේ දුරකථනයේ IMEI අංකය අවශ්‍ය වෙනවා. කොහොමද මගේ ජංගම දුරකතනයේ IMEI අංකය සොයාගන්නේ?

Att-IMEI

එය ඔබ ජංගම දුරකථනය මිලදී ගත් විට ලබා දෙන ඇසුරුමේ, වගකීම් සහතිකයේ මෙන්ම ජංගම දුරකථනයේ බැටරියට යටින් ඇති ස්ටිකරයේ ද සටහන් කර තිබෙනවා. තවත් විදි රාශියක්ම තිබෙනවා. ඒ පිළිබඳ වැඩි විස්තර මෙතනින් දැනගන්න පුළුවන්. එලෙස සොයාගත් IMAI අංකය පරිස්සම් කර තබාගන්න. ඔබේ ජංගම දුරකථනය නැතිවූ විට එය TRCL වෙත ලබාදීම, ජංගම දුරකථනය නැවත සොයාගැනීමට පහසුවක් වනු ඇත.

 

 

2 Responses

Leave a Reply