Google, Yahoo, Facebook, Apple වැනි නම් හැදුනේ මෙහෙමයි

, , Leave a comment

Google : Google නම යෙදුනේ ”Googol” යන ගණිත යෙදුම (1ට පසු බින්දු සියයක් ඇති සංඛ්‍යාව) ඇසුරිනි.

Yahoo! : Yahoo සදහා එම නම යෙදුනේ Jonathan Swift ගේ ”Gulliver’s Travels” (ගලිවර් ගේ චාරිකා) නම් කෘතියේ එන යෙදුමකිනි. ”Yahoo” යනු පෙනුමෙන් හා ක්‍රියාවෙන් ඉතා ජුගුබ්සාජනක,පිළිකුල් උපදවන මිනිසෙකි. Jerry and David දෙදෙනා එම නමෙහි නියම අරුතට ආශා කල බැවින් එම නම යෙදිනි.

Facebook : අද මෙන් නොව මුලික අවදියේ Facebook සැකසුනේ පාසල් හා උසස් අධ්‍යාපන සිසුන් හා උසස් අධ්‍යාපනයෙන් පසු දුර බැහැර වන තම මිතුරන් සමග සම්බදතා පවත්වා ගැනීමට හා ඔවුන් කෙසේ කිනම් තත්වයක සිටිනවාදැයි දැනගනිමටය. එම අරමුණ අනුව Facebook යන නම එයට ලැබිණි.

Apple : Jobs හා Wozniak හට තම නවතම ව්‍යාපාරයට තබන නම තම phone book තුල මුල් පෙලේ රැදී සිටින නමක් විය යුතු වුනා. තවද අනෙකුත් පරිගණක ආයතනයන්හි IBM, Digital Equipment, Cincom වැනි නම් වලින් වඩාත් වෙනස් වූ ආකර්ශනීය වූ නමක් ඔවුනට උවමනා කළා තවද ‘Beatles’ සංගීත ලේබලයේ Apple Records සදහා ගෞරව නාමයක් ලෙසද Apple’ යන නම යෙදුන.

Mashable : “Mashable” යන නම “mashups” (කථා වසඟයට ගැනීම) ප්‍රවනතාව යන ඉංග්‍රීසි යෙදුමෙන් පැමිනියෙකි.

Microsoft – Bing : “Bing” හි තේරුම නිශ්චිතවම ‘search’ යන්න බව Steve තරයේ විශ්වාස කල බැවින්.

Twitter : Twitter යනු කුරුල්ලන් තම සන්නිවේදනය සිදු කරන අයුරු හදුන්වන පදයයි.Twitter මගින් තම පෞද්ගලික තොරතුරු පහසුවෙන් හුවමාරු කිරීමේ අවස්ථාව මිනිසුන්ට හිමි වූ නිසාත් රංචු ගැසී එකමුතුව කතා කිරීමේ අවස්ථාව ලද නිසාත් Twitter සදහා එම නම යෙදුනි.

 

Leave a Reply