අඟහරු මතත් ඌෂාලෝක

0

NASA ආයතනය විසින් MAVEN අභ්‍යවකාශ යානය මගින් 2014 වසරේ දෙසැම්බර් අග භාගයේදී රතු ග්‍රහයා හෙවත් අඟහරුගේ උතුරු අර්ධගෝලයේ ඌෂාලෝක(aurora) ඇති බවට සාක්ෂි සොයාගෙන තිබෙනවා. අභ්‍යවකාශ යානයක් මගින් ඌෂාලෝක හඳුනාගත් ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට වසර 10කට පෙර යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට (European Space Agency) අයත් Mars Express යානයටද දකුණු අර්ධගෝලයේ ඌෂාලෝක දර්ශනය වී තිබෙනවා.

15-045b

පෘථිවියට මෙන් අඟහරු ග්‍රහයාට, ග්‍රහලොව වටා ඒකාකාරව පැතිරුණු චුම්භක ක්ෂේත්‍රයක් පිහිටා නොමැත. ඒ වෙනුවට කුඩයක හැඩයෙන් යුත් (umbrella-shaped) චුම්භක ක්ෂේත්‍ර පිහිටා ඇත. නමුත් මේවාද ප්‍රධාන වශයෙන් දකුණු අර්ධගෝලයේ පිහිටා ඇත. මෙලෙස පවතින චුම්භක ක්ෂේත්‍රද මීට වසර බිලියන ගණනකට පෙර නැතිවූ චුම්භක ක්ෂේත්‍රයකින් අවශේෂ වූවකි.

පෘථිවියේ හා අගහරු මත ඌෂාලෝක හෙවත් aurora හටගන්නේ සූර්යයාගේ සිට පැමිණෙන විවිධ ආරෝපිත අංශු (බොහෝ විට ඉලෙක්ට්‍රෝන) ඉහල වායුගෝලයට ඇතුලු විමත් සමඟයි. පෘථිවියේදී ඌෂාලෝක වැඩි වශයෙන් ඇන්ටාටික් සහ අර්ක්ටික් ප්‍රදේශ වලදී දැකගත හැක්කේ, පෘථිවියේ චුම්භක ක්ෂේස්ත්‍රය මගින් මෙම අංශු ධ්‍රැව කරා ගෙනයාම නිසයි. නමුත් අඟහරු මත නිසි චුම්භක ක්ෂේත්‍රයක් නොමැතිකම නිසා මෙම ඌෂාලෝක ඕනෑම ස්ථානයකදී හට ගැනිමට ඉඩ ඇත. මෙලෙස අඟහරු මත ඇතිවන ඌෂාලෝක, අඟහරුගේ පෘෂ්ටයේ සිට කි.මි 100-500 අතර උසකදී නිර්මාණය වේ. ඌෂාලෝක වලට කොළ පැහැති වර්ණයක් ලැබෙන්නේ ඔක්සිජන් (O2) මගිනි. අඟහරු මතද සුළු වශයෙන් පවතින ඔක්සිජන් නිසා ඌෂාලෝක වලට මෙලෙස කොළ පාට වර්ණයක් ලැබී ඇත.

අන්තර්ජාලය ඇසුරෙනි