Technology for Sri Lankans

Apple XR: අලුත්ම බජට් iPhone එක මෙන්න

Apple සමාගම විසින් මේ වසරේ ගෙවුණු මාස කිහිපයේ දී ස්මාර්ට් ජංගම දුරකථන වංශකතාවට නවතම දුරකථන රැසක් හඳුන්වා දෙනු ලැබුවා. iPhone X, iPhone XS, සහ iPhone XS Max යනාදී ඉතාමත් ඉහළ මිල ගණන් යටතට වැටෙනා ජංගම දුරකථන කිහිපය අතරට එකතු වූ අලුත්ම සාමාජිකයා මේ වනවිට Apple සමගම විසින් එලි දක්වා තිබෙනවා. මෙම ජංගම දුරකතනයේ ඇති විශේෂය වන්නේ අනෙකුත් නවතම ඇපල් ජංගම දුරකථන වලට සාපේක්ෂව Budget Phone යටතට අයත් වීමයි.

අඟල් 6.1 IPS LCD ප්‍රමාණයේ තිරයේ සුපුරුදු top-notch හි Face ID ආදී sensors වර්ග කිහිපයක්ම අඩංගු වී ඇති අතර Apple ආයතනය මේ වනවිට Finger Print පහසුකම ඉවත්කර Face ID තාක්ෂණයට මුල්තැන ලබා දෙන බව මෙම දුරකථනය මඟින් ද තහවුරු කර තිබෙනවා. ඉදිරිපස සහ පසුපස වීදුරු වලින් හා ඇලුමිනියම් ආවරණයකින් නිර්මාණය කර ඇති මෙම දුරකථනය 194g බරකින් යුක්තයි.

Copyright: Telenor.se

නවතම iOS 12 මෙහෙයුම් ප්ද්ධතිය සහිතව Apple A12 Bionic (7 nm) chipset එක උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති මෙමෙ නවතම දුරකථනය 64,128 හා 256 GB සහ Black, Red, Yellow, Blue, Coral යනාදී වර්ණයන් වශයෙන් වෙළඳ පොළට හදුන්වා දී තිබෙනවා.

මෙම දුරකතනය වර්තමානයේ දැකිය හැකි ද්විත්ව කැමරා පද්ධතියෙන් ඔබ්බට ගොස් නැවතත් selfie කැමරාවක් සහ ප්‍රධාන කැමරාවක් පමණක් යොදාගෙන නිර්මාණය කර තිබීම Apple සමාගම නවතම තාක්ෂණයක් සඳහා කරන සැලසුමක් ලෙසදැයි කතාබහට ලක්වී තිබේ.
Non-removable Li-Ion 2942 mAh ඉහළ ධාරිතාවකින් යුත් බැටරියකින් සමන්විත iPhone XR ජංගම දුරකථනය USB 2.0 යොදාගෙන ඇති අතර සුපුරුදු 3.5mm headphone port එක නොතිබීම Apple සමාගම 3.5mm port සදහා සමුදී තිබෙන බවට යළිත් පෙන්වා දී තිබේ.

iPhone XR දුරකථනය ශ්‍රී ලාංකේය වෙළද පොළට මෙතෙක් හඳුන්වා දී නොමැති නමුත් රුපියල් 160,000-170,000 අතර මිලකට අළෙව් වේ යැයි අනුමාන කිරීමට හැකියාවක් පවති, කෙසේවෙතත් iPhone X, iPhone XS, සහ iPhone XS Max යනාදී ජංගම දුරකථන වලට සාපේක්ෂව නවතම iPhone XR ලාංකේය පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වේයැයි අපගේ මතය වේ.

මේ වනවිට ශ්‍රී ලාංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක්ම මෙම දුරකථනය සඳහා Pre-Order පහසුකම ලබාදී තිබෙනවා. පහත සඳහන් ලින්ක් භාවිතා කර ඔබටත් Pre-order කර iPhone XR දුරකථනයක් මිලදී ගත හැක.