ටෙලිවිෂන් තරඟයට Apple සමාගමත් සූදානමින්!

, , Leave a comment

මෙම වසර අවසාන වීමට ප්‍රථමයෙන් Apple Inc. ( ඇපල් සමාගම) විසින් අගල් 65 සහ අගල් 55 Ultra-High Definition  හෙවත් 4K රුපවාහිනී තිර වෙළදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව පෙන්නුම් කරයි.
කැලිෆෝනියාවේ Cupertino සමාගමේ මතයට අනුව, එහි සැකැස්ම රාමුවක් නොමැති පුළුල් තිරයකි. නමුත් Apple නියෝජිතයින් තවමත් මේ පිලිබඳ කිසිදු කරුණක් හෙළි නොකරයි.


Apple සම නිර්මාතෘ Steve Jobs මහතා වසර 2011 දී මිය යාමට ප්‍රථම ඔහුගේ මිතුරකු වෙත සරල User Interface එකක් භවිත කොට ඇපල් අනෙකුත් devices සමග එක්ව ක්‍රියාකල හැකි රැහැන් නොමැති රූපවහිනි තිරයක් නිර්මාණය කරන අයුරු හෙළිදරව් කොට තිබුනා. ඇපල් හි නව ප්‍රධාන විධායක නිලධාරී Tim Cook පැවසුයේ  Apple iMac, Mac Pro, iPhones හා iPads හි සාර්ථකත්වයට ඉවහල් වන වඩාත් තදබල කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම නව රුපවාහිනී තිර හැදින්විය හැකි බවයි.

  

Apple TV සදහා $1,500 සිට  $2,500 දක්වාවූ මුදලකට LG, Samsung Electronics හා Corning ප්‍රධාන සැපයුම් කරුවන් ලෙස දායක වෙයි. LG සමාගම විසින් Liquid – Crystal Display සඳහා 70%ටත් වඩා වැඩි ප්‍රමාණයකින්ද, Samsung සමාගම විසින් Graphic Processing Units සදහාද Corning විසින් පිටත Gorilla Glass 3 සදහාද දායකත්වය සපයනු ඇති. තායිවානයේ Foxconn Technology සමාගම සමඟ එක්ව ප්‍රධාන වශයෙන් නිෂ්පාදන කටයුතු සිදුකිරීමටද  ඔවුන් බලාපොරොත්තු වේ.

උත්සව සමයේ තත්වයෙන් උසස් නිෂ්පාදන යොදා Apple සමාගම වඩාත් ඉහලම විකුණුම් අදායමක් ලබයි. එමෙන්ම පසුගිය වසරේ iPhone 5s හා 5c last මගින් මිලියන 9ක නිෂ්පාදන අලෙවි කිරීමට ඔවුන් සමත් වී තිබේ. තවද San Francisco හි පැවතී උත්සවයකදී Cook විසින් High – Definition iPad mini හා  වඩා සැහැල්ලු iPad පිළිබඳවද ප්‍රථම වරට අනාවරණය කර තිබුනා.

මේ වන විට Samsung සහ LG Electronics විසින් අගල් 65 සහ අගල් 55 ultra-high definition රුපවාහිනී තිර වෙළඳ පොලට නිකුත් කර තිබුනද  එය චීනයට හා ජපානයට පමණක් සිමා වී තිබෙනවා.

 

Leave a Reply