ලීක් වූ මීළඟ iPhone XI මෙන්න

0
360

කව්රුත් දන්න Apple සමාගමේ මීළඟ දුරකථනය පිළිබඳව ඉතාමත් උණුසුම් පුවත් කිහිපයක්ම මේ දිනවල අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතින අතර මීළඟ Apple දුරකථනය iPhone 11(XI), යැයි කිව හැකි ඡායාරූප කිහිපයක්ද මේ වනවිට දැකගැනීමට පුළුවන්.

Apple සමාගම විසින් පසුගිය කාලයේදීම එළිදැක්වූ දුරකථන සඳහා පාරිභෝගිකයන් එතරම් කැමැත්තක් නොදැක්වූ අතර එයට හේතුව වශයෙන් අධික මිළ, ඒකාකාරී පෙනුම ආදී හේතුන් පෙන්වා දිය හැකිය. එම කරුණු මූලික කරගෙන Apple සමාගමේ වාර්ෂික විකුණුම් ප්‍රමාණයන් කඩාවැටීම කාටත් නොරහසක්. මෙම හේතූන් නිසාම මෙවර Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම දුරකථනය සඳහා පැහැදිලි වෙනස්කම් කිහිපයක් සිදුකරණු ඇති බවත් එය අනෙකුත් තරඟකාරී දුරකථන සමාගම් මෙතෙක් නිකුත් කරන ලද නව තාක්‍ෂණයන්ට හොඳ තරඟයක් දීමට හැකි අයුරින් නිපදවනු ඇති බවත් බොහෝදෙනා මත පළකර සිටී.

Apple iPhone (XI) , Apple iPhone (XI) Max කොහොම වෙයිද ?

iPhone (XI) දුරකථනයේ ලීක් වූ ඡායාරූප කිහිපය අතරින් ප්‍රධාන වශයෙන් ඡයාරූප ත්‍රිත්වයක් ගැන කාගේත් අවදානය යොමුවී තිබෙනවා. ඒ අතරින්,

Image Copyright: Forbes

මෙම ඡායාරූප වලට අනුව මීළඟ iPhone දුරකථනය පිටුපස ප්‍රධාන කැමරා ත්‍රිත්වයකින් සමන්විත වේ යැයි අනුමාන කරන්න පුළුවන් අතර එම කැමරාවන් දුරකථනයේ ඉහළ මැද පිහිටා තිබෙන බව මෙම ඡායාරූපයෙන් දැකගැනීමට පුළුවන්. තවද මෙම දුරකථන පිටුපස සම්පුර්ණ වීදුරු යොදාගෙන ඇති බව ද අනුමාන කළ හැකි අතර මෑත කාලයේ නිකුත් වූ iPhone 6s Plus, iPhone 7,8 සහ iPhone x දුරකථන වල ඇති කවාකාර හැඩති දුරකථන නිමාව මෙන්ම සුපුරුදු Notch එකද මෙහි දැක ගැනීමට පුළුවන්. කෙසේ වෙතත් මෙම ඡායාරූප වලට අනුවනම් පෙර පැවති iPhone වලට වඩා එතරම් සැලකියයුතු වෙනසක් දැකගැනීමට පුළුවන්කමක් නැත.

Image Copyright: Forbes

මෙම  ඡායාරූප ඉහත දුරකථනයට බොහෝ සමාන වන අතර පිටුපස ප්‍රධාන කැමරා පිහිටා ඇති ස්ථානයේ වෙනසක් සහ කැමරා පද්ධතියේ පැහැදිළි වෙනස්කමක් දැකගන්නට පුළුවන්. ඇත්තටම මෙම ඡායාරූපයට අනුව මෙවැනි කැමරා පද්ධතියකින් යුතුව iPhone XI Max දුරකථනයක් නම් කිරීමටද ඉඩකඩ පවතින බව සඳහන් වෙනවා. එම නිසා ඉහත දුරකථනය සහ මෙම දුරකතනයේ ප්‍රධානම වෙනස්කම මෙහි ඇති කැමරාව වේයැයි බොහෝ දෙනා අනුමාන කර සිටිනවා.

Image Copyright: technave.com

Apple දුරකථන නිර්මාණයේ අනන්‍යතාවය ලෙස බොහෝ Apple පාරිභෝගිකයන් හඳුන්වන “කොටු හැඩති” දුරකථන නිමාව යළිත් කරළියට පැමිණ තිබෙනවා. එයට හේතුව ඉහත සඳහන් දුරකථන ද්විත්වයටම වඩා මෙවර iPhone XI දුරකථන සඳහා මුල් කාලයේදී Apple දුරකථන වල දක්නට තිබූ “කොටු හැඩති” නිමාව එක්කොට තිබීම හඳුන්වන්න පුළුවන්. මෙම ඡායාරූප වලට අනුව මෙම දුරකථනයේ පිටුපස කැමරා ද්විත්වයක් සහිත කැමරා පද්ධතියක් දැකගැනීමට පුළුවන් අතරය මෙයද වීදුරු නිමාවක් සහිත බව අනුමාන කළ හැකිය. මෙවර iPhone XI දුරකථන සියල්ලම මෙම ආකාරයට නිර්මාණය නොවුවත් එක් දුරකථනයක් හෝ මෙම “කොටු හැඩති” නිමාවෙන් යුතුව නිකුත් වේයැයි අනුමාන කළ හැකිය.

Image Copyright: Redmond Pie

සමස්ථයක් වශයෙන් බලන විට මීළඟ Apple දුරකථනය කැමරා සඳහා වැඩි ඉඩකඩක් වෙන් කරනු ඇති බවත් වතුර යටදී ඡායාරූප ගැනීමට හැකි සුපිරි කැමරා පද්ධතියක් , Notch එක රහිත තිරයක් , In Screen Fingerprint තාක්‍ෂණය , 3D Image ආදී නවතම තාක්ෂණ අංග රැසකින් බලගන්වේ යැයි බලාපොරොත්තුවිය හැකි අතර බෙහෝ දුරට Apple සමාගම මෙම “කොටු හැඩති” නිමාව ඔවුන්ගේ මීළඟ දුරකථනයට එක් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවද අනුමාන කළ හැකිය.