iCloud ඇතුළු සේවාවන් කිහිපයක් ඇණහිටී

0
308

Apple සමාගමේ ප්‍රධාන සේවාවන් කිහිපයක්ම අද එක්වරම ඇණහිට තිබෙනවා. මෙම ගැටලුව iCloud සහ app store සේවාවන් වලට බලපා ඇති අතර, මෙම ගැටලුව ඇති වී තිබෙන්නේ Apple භාවිතා කරන සුළු පිරිසකට පමණක් බව වාර්තා වෙනවා.

Apple සමාගම වාර්තා කරන ආකාරයට iCloud හි Calendars, Contacts සහ Reminders යන සේවාවන් මෙම ගැටලුවට ප්‍රධාන වශයෙන් ලක්වී තිබෙනවා. Apple සමාගම තවදුරටත් වාර්තා කරන ආකාරයට මෙම ගැටලුවෙන් අක්‍රීය වූ Apple Pay, Documents, Find my Friends, Find My iPhone, Game Center සහ iCloud Sign In යන සේවාවන් වල ගැටළු සහගත තත්වය මේ වනවිට යතා තත්වයට පත්කොට තිබෙන බවයි.

මෙම ගැටලුවට මුහුණදුන් පාරිභෝගිකයන් විසින් ඔවුන්ගේ Twitter ගිණුම් තුළ ද මේ පිළිබඳව සටහන්කර ඇති ආකාරය මේ වනවිට දැකගැනීමට පුළුවන්. කෙසේ නමුත් Apple සමාගම මේ වසරේ මෙවැනි තත්වයකට මුහුණ දුන් දෙවන අවස්ථාව වන අතර Apple සමාගම මෙය කඩිනමින් යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බව සඳහන් වෙනවා.

කොහොම වුවත් ලංකාව තුළ මෙවැනි ගැටළුවක් ගැන දැනට වාර්තා නොවන අතර, දැනටත් මෙම ගැටලුව යථාතත්වයට පත්වෙමින් තිබෙන නිසා ඉදිරියේදී ද ශ්‍රී ලංකාව තුළ මෙවැනි ගැටළුවක් ඇති නොවෙනු ඇති බවට බලාපොරොත්තු විය හැකිය.