දෙසැම්බරයේ සරු ඇපල් අස්වැන්නක්!

, , 1 Comment

Apple® සමාගම අද පල කල වාර්තා අනුව 2013 වසරේදී App Store℠ සදහා සිය පාරිබෝගිකයින් ඩොලර් බිලියන 10 ඉක්මවා වියදම් කර තිබේ. දෙසැම්බර් මාසයේදී පමණක් එය ඩොලර් බිලියන 1ක් ලෙස සටහන් වේ. App Store පාරිබෝගිකයින් දෙසැම්බර් මාසය තුල download කල app සංඛ්යාව බිලියන 3කි.නමුත් Apple හි නිල නොවන developerවරුන් App Store හරහා ඉපයූ අදායම ඩොලර් බිලියන 15 ඉක්මවන බවද සදහන් වේ.

Apple® සමාගමේ අන්තර්ජාල හා පරිගණක මෘදුකාංග සේවා සම්බන්ධ ජේෂ්ඨ සභාපති Eddy Cue පවසනුයේ App Store සදහා 2013 ඔවුන්ගේ හොදම පලදායී වසර කිරීම වෙනුවෙන් දායක වූ සිය පාරිබෝගිකයින් වෙත තම හද පිරි ස්තුතිය පිරිනමන බවයි. එළබෙන උත්සව හා නිවාඩු සමයේදී 2014 වසර තුල තම developer වරුන් නිර්මාණය කරන නවතම විස්මයජනක apps පෙළගැස්ම සදහා ඉවසිලිවන්ත වන ලෙසටත් ඔහු කියා සිටියා.

iOS 7 හදුන්වදිමත් සමග, Apple ඇප්ස් නිපදවන්නනට වඩාත් විස්මයජනක අවස්ථා උදා උනි. එහි වූ වඩාත් ඵලදායි වුයේ ප්‍රති නිර්මාණය කල user interface හරහා 200කට අධික නව features හා APIs නිසාය. Evernote, Yahoo!, AirBnB, OpenTable, Tumblr, Pinterest හා American Airlines හි ඇප් නිර්මාණ කරුවන් ඔවුන්ගේ ඇප් සඳහා නව හඳුන්වා දීම් වඩා කාර්යක්ෂම හා ඵලදායී ලෙස යොදාගන්නා ලදී.

2013 වසරේ ඔවුන්ගේ සුපිරිතම ජනප්‍රිය අංග වුයේ Ellen DeGenere ගේ Heads Up, ProtoGeo ගේ Moves, Simon Filip ගේ Afterlight හා Kevin Ng ගේ Impossible Road ය. වසරේ දැවැන්තම සාර්ථකත්වයන් වූ Candy Crush Saga, Puzzles & Dragons, Minecraft, QuizUp හා Clumsy Ninja නිර්මාණය කරනු ලැබුයේ ඔවුන්ගේ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇති ඇප් නිර්මාණකරුවන් විසිනි. Duolingo (ඇමෙරිකාව), Simogo (ස්වීඩනය), Frogmind (එංගලන්තය), Plain Vanilla Corp (අයිස්ලන්තය), Atypical Games (රොමේනියාව), Lemonista (චීනය), BASE (ජපානය) and Savage Interactive (ඔස්ට්‍රලියව ) 2014 වසරේ විකාශ වීමට නියමිතයි.

ලොව වටා රටවල් 155ක වෙසෙන iPhone®, iPad® හා iPod touch® භාවිත කරන්නන්න්ට විප්ලවීය App Store හරහා apps මිලියනයක් හා දේශීය iPad apps 500,000ක් දැනට ඔවුන් නිකුත් කිරීමට සමත් වී තිබේ. App Store පරිබෝගිකයින්ට අදහ ගත නොහැකි මට්ටමේ apps පුවත් පත්,ප්‍රවෘත්ති සගරා, ක්‍රීඩා, වෙලදාම්,සෞඛ්‍ය, ගමනාගමනය හා ළමා යනාදී කාණ්ඩ 24ක් යටතේ ඉදිරිපත් තිබේ. Apple සමාගම OS X, iLife, iWork and professional software. සමගින් එන ලොව හොදම pc වර්ගය වන Mac පරිඝනක නිෂ්පාදනය කරයි. තවද iPods හා iTunes online store සමගින් Apple ඩිජිටල් සංගීතයේ නව පෙරලියක් ඇති කරමින් පවතී. එමෙන්ම ජංගම දුරකතනයේ නව පෙරලියක් ඇති කරමින් ඔවුන් දැන් iPhone, හා App Store වෙලදපොලට හදුන්වා දී තිබේ. තවද iPad වැනි පරිඝනක devices හරහා ඔවුන් අනාගත ජංගම දුරකථන මාධ්‍යයට නව අරුතක් ලබා දී තිබෙනවා.

 

One Response

Leave a Reply