APICTA Awards මෙවර ශ්‍රී ලංකාවේදී

, , Leave a comment

APICTA Awards එහෙමත් නැත්නම් Asia Pacific ICT Alliance Awards මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. ඒ මේ වසරේ ජාතික තොරතරු තාක්ෂණ සතියට සමගාමීවයි. මේ අන්තර්ජාතික වැඩසටහන APICTA මගින් සංවිධානය කරන්නේ ජනතාවගේ තොරතුරු තාක්ෂණය පිළිබඳව ඇති දැනුම සහ ආකල්ප වැඩි දියුණු කිරීමටයි. මෙය The Federation of IT Industry Sri Lanka (FITIS) සහ BCS The Chartered Institute for IT,Sri Lanka Section (BCSSL) එක්ව සංවිධානය කරන අතර,Computer Society of Sri Lanka (CSSL) සහ Sri Lanka Association of Software and Service Companies (SLASSCOM) සහ Information Communication & Technology Agency (ICTA) ගේ අනුග්‍රහයද මෙයට ලැබෙනවා. මෙවර ශ්‍රී ලංකාව මේ සම්මාන ප්‍රදානයට සහ එහි අනෙකුත් වාර්ෂික අවස්ථාවලට සත්කාරකත්වය දරනවා. මේ වසරේ ජාතික තොරතුරු තාක්ෂණ සතිය ලෙස නොවැම්බර් 17 සිට 22 දක්වා ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. එම සතිය තුල සිදු වෙන ප්‍රධාන සිදුවීම් පහත පරිදියි.

1.Asia Pacific ICT Alliance Awards APICTA 2015 – නොවැම්බර් 18 සිට 23 දක්වා.

2.INFOTEL 2015 – නොවැම්බර් 19 සිට 22 දක්වා.

3.තොරතුරු තාක්ෂණික ව්‍යාපාර ප්‍රවර්ධන සමුළුව.

3.ශිෂ්‍ය දැනුම් හුවමාරු සමුළුව.

මෙය අපේ රටේ හැකියාවන්, තොරතුරු තාක්ෂණයෙන් ලබා ඇති ප්‍රගතිය ලොවටම පෙන්වන්නට ලැබෙන මහගු අවස්ථාවක් වනවා. ආසියානු පැසිපික් කලාපයේ 500 කට අධික නියෝජිතයන් පිරිසක් මේ සදහා සහභාගී වෙනවා. මීට අමතරව ව්‍යාපාර ප්‍රවර්ධන සමුළුවකුත් ආයතන 150 කට අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. දිවයින පුරා සිටින පාසල් දරුවන් දහසකට අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් පැවැත්වෙන Young Computer Scientist awards (YCS) සහ National Best Quality ICT Awards (NBQSA) මෙහි සිදුවෙන වැදගත්ම අවස්ථා දෙකක් වෙනවා.

මීට පෙර වසර වල APICTA Awards පවත්වා තිබෙන රටවල් සහ ප්‍රදේශ,

2014 – Jakarta, Indonesia (in November 2014)
2013 – Hong Kong
2012 – Bandar Seri Begawan, Brunei Darussalam
2011 – Pattaya, Thailand
2010 – Kuala Lumpur, Malaysia
2009 – Melbourne, Australia
2008 – Jakarta, Indonesia
2007 – Singapore
2006 – Macao
2005 – Chiang Mai, Thailand
2004 – Hong Kong
2003 – Bangkok, Thailand
2002 – Kuala Lumpur, Malaysia
2001 – Kuala Lumpur, Malaysia

දැනට ඕස්ටෙ‍්‍රලියාව,බෘනායි,චීනය,හොංකොන්,ඉන්දුනේසියාව,මැලේසියාව,මියන්මාරය,පකිස්ථානය,සිංගප්පුරුව,තායිලන්තය,වියට්නාමය,ශ්‍රී ලංකාව වැනි රටවල් වලට APICTA හි සම්පූර්ණ සාමාජිකත්වය පවතින අතර ජපානය,බංගලාදේශය,පිලිප්පීනය,නේපාලය යන රටවලට නිරීක්ෂක මට්ටමේ සාමාජිකත්වය හිමිව තිබෙනවා. ඔවුනුත් මෙවර කොළඹදී පැවැත්වෙන APICTA 2015 සඳහා සහභාගී වීමට නියමිතයි. මේ අවස්ථාවන් සහ සම්මාන පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යයද?

ICT Week Secretariat,
Federation of IT Industry Sri Lanka (FITIS)
410/35, Bauddhaloka Mw, Cololbo 07, Sri Lanka
Tel :+94 11 2665261 | +94 11 4422490 |
email : manager@fitis.lk |
web : www.ictweek2015.lk |
Fax : +94 11 2665262|

 

Leave a Reply