Android One ඉන්දියාවේදී එළිදැක්වේ – 2015ට පෙර ලංකාවටත්

0
658

Google සමාගම විසින් මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලියේදී නවතම ජංගම දුරකථන 3ක් එළිදැක්වූවා. Android One ලෙසින් හැඳින්වෙන අඩු මිල ජංගම දුරකථන ව්‍යාපෘතියට මුලාරම්භයක් ලෙසයි මේ නව ජංගම දුරකථන ත්‍රිත්වය එළිදැක්වුනේ. මෙවර Google I/O හීදී Android One ව්‍යාපෘතිය හඳුන්වාදුන් අතර මිලෙන් අඩු ජංගම දුරකථන ආසියානු වෙළඳපල තුල ප්‍රචලිත කිරීමයි එහි අරමුණ.

ඒ අනුව අද දිනයේ හඳුන්වා දුන් ජංගම දුරකථන ත්‍රිත්වය මෙයයි. Spice Android One Dream UNO Mi-498, Micromax Canvas A1 සහ Karbonn Sparkle V.

Spice-Dream-Uno
Spice Dream Uno

මේ ජංගම දුරකථන ත්‍රිත්වය එක වාගේ performances ඇති ජංගම දුරකථන වන අතර අඟල් 4.5ක 854×480-pixel තිරයක්, quad-core 1.3GHz MediaTek ප්‍රොසෙසරයක්, Dual SIM, 1GB Ram මතයක් හා 4GB ධාරිතාවයකින්ද යුක්තයි. මීට අමතරව microSD හරහා මතක ධාරිතාව වැඩි කරගත හැකි අතර පසුපස කැමරාව 5 MP කැමරාවක්. බැටරිය ගලවා ඉවත් කල හැකි අතර එය ධාරිතාව 1,700mA වන බැටරියක්.

Micromax-Canvas-A1
Micromax Canvas A1

Android One ව්‍යාපෘතිය හරහා නිකුත්වන ජංගම දුරකථන සියල්ලම Android KitKat මෙහෙයුම් පද්ධතිය සහිතව නිකුත්වන අතර මෙම විශේෂ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ඇත්තේ අඩු මිල ජංගම දුරකථන වල වුවද පහසුවෙන් ක්‍රියාත්මක විය හැකි පරිදියි. ඒ අනුව $100ක් වැනි සුළු මුදලකට Nexus වැනි Stock Android අත්දැකීමක් විඳගැනීමට පාරිභෝගිකයින්ට හැකි වනු ඇත. ඒ වගේම Android මීළඟ සංස්කරණය වන Android L සඳහාද සහාය දක්වන ලෙසටයි Android One ජංගම දුරකථන නිෂ්පාදනය කෙරෙන්නේ. ප්‍රධාන වශයෙන් ඉන්දියානු ජනතාව ඉලක්ක කරමින් නිකුත් කෙරෙන නිසා 40%ක පමණ පිරිසක් භාවිත කරන හින්දි භාෂාව වැනි දේශිය භාෂා සඳහා ද  Android One ජංගම දුරකථන සහාය දක්වයි.

Karbonn-Sparkle-V
Karbonn Sparkle V

මීට අමතරව ඉන්දුනීසියාව, පිලිපීනය, බංගලාදේශය, පකිස්ථානය මෙන්ම ශ්‍රී ලංකාවටද මේ වසර අවසානයට පෙර Android One හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද Google සමාගමේ ප්‍රකාශකයෙක් පවසා සිටියා.

https://www.youtube.com/watch?v=X7UPR9z3OV8