දික්කසාදයෙන් ‌පසු ලොව අංක එකේ ධනවතාට ‌‌සිදුවන දේ මෙන්න

0
219

දික්කසාද වීම් සාමාන්‍යයෙන් විවාහක යුවලකගේ ආර්ථික ‌පසුබිමට ‌බලපාන සාධකයක්. නමුත් ‌ලොව අංක එකේ ධනවතාගේ දික්කසාද‌යෙන් බලපෑම අපි කවුරුත් නොහිතන තරම්.

ඇමරිකානු ‌ ඩොලර් බිලියන 137ක වත්කමකට හිමි ඇමසන් සමාග‌‌මේ නිර්මාතෘ ‌ජෙෆ් බෙසෝස් ‌ගේ සහ ඔහුගේ බිරිඳගේ වසර 25ක දීගය අවසන් ‌කෙරෙන ‌මේ දික්කසාදය, ඔහු තවදුරටත් ‌ලොව ධනවත්ම පුද්ගලයා ‌ලෙස නොසැලකීමට හේතුවක් විය හැක. මන්දයත් ‌වොෂින්ග්ටන් දේපළ නීතිය අනුව විවාහ වී සිටි සමයේදී එක්කරගත් ධනය ‌දික්කසාදයකදී දෙදෙනා අතර බෙදීයන බැවිනි.

ඒ අනුව මෙම දික්කසාදයෙන් පසුව ලොව අංක එකේ ධනවතාගේ බිරිය වන මැකෙන්සි හට හිමිවීමට නියමිත වත්කම ‌ඩොලර් බිලියන 69ක් (රුපියල් ‌කෝටි, ලක්ෂ 12ක්) පමණ වන බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් විවාහය අතරතුරදී යුවල අතර ඇතිකරගත් වෙනත් ගිවිසුම් තිබේ නම් ඒවා මෙම තීන්දුවට බලපානු ඇත. තවද ‌මේ යුවලගේ දරුවන් සිව් ‌දෙනා හටත් වත්කම බෙදී යාමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

යම් ‌‌හෙයකින් බෙසෝස්ගේ ධනය සමානව ‌දෙකට බෙදීමකට ලක් වූවත් ඔහු ‌ලොව සිව් වන ධනවතා වනු ඇති අතර ඔහුගේ බිරිය ‌ලොව අංක එකේ ධනවත් කාන්තාව වනු ඇත. CNBC ‌‌වෙබ් අඩවිය පවසන පරිදි ලොව මිලාධිකම දික්කසාදය මෙය වනු ඇත.