දැන් හැම රෝහලකටම Digital ස්මාර්ට් හෙදියක්

සුභ දවසක් අද අපි කතා කරන්න යන්නේ දවසින් දවස අලුත් වෙන තාක්ෂණය අපේ වාසියට පහසුවට තව තවත් යොදාගන්නේ කොහොමද කියලා

“ Digital Personal Assistant “ හෙවත් “ඩිජිටල් පෞද්ගලික සහකරු” කියන්නේ දැනටමත් ලෝකේ ගොඩක් අය දන්න දෙයක්. ඒ වගේම ලෝකේ ගොඩක් අය Apple homepod , Google home වගේ AI උපකරණ භාවිතා කරන්නත් ටික ටික හුරුවෙමින් යනවා. ඒ වගේම Amazon සමාගම නිෂ්පාදනය කළ “Alexa” උපකරණයත් මේ වනවිට බොහෝ දෙනෙකුගෙ භාවිතයට හුරු වෙලා තියෙනවා.

ඇත්තටම Alexa කියන්නේ කවුද..?

Image Copyright: The Verge

අද අපේ මාතෘකාවට සම්බන්ධ වෙන්නේ “Alexa”, Alexa කියන්නේ Amazon ආයතනයෙන් නිර්මාණය වන Amazon Eco smart speaker series එකේ Virtual person කිව්වොත් නිවැරදියි.හරියට නිකන් Apple වල siri වගේ. ඉතින් Alexa ව අපි අපේ Digital Personal Assistant විදිහට පාවිච්චි කරාම අපිට ගොඩක් වැඩ කරගන්න පුලුවන්.

උදා:- අපිට අපේ කටහඬ Use කරලා Tv , Lights වගේ දේවල් ක්‍රියාත්මක කරවන්නත් ක්‍රියාවිරහිත කරවන්නත් පුළුවන්.

Alexa ව අපි රෝහලේ තියාගත්තොත්…?

Image Copyright: Roswell Park

උදාහරණයක් විදිහට සමහර වෙලාවට අපි කෙනෙක්ට කියනවා ” පුලුවන් නම් මට බෙහෙත් ටික බොන්න මතක් කරන්න ” වගේ දෙයක්. ඒ අපිට ඒ දේ අමතක වෙන්න පුලුවන් නිසා. නමුත් එහෙම කෙනෙක් අපි ළඟ නැත්නම් අපි ඒක මතක තියාගන්න , නැත්තම් අපිට ඒක මතක් කරවන්නේ කොහොමද..? අන්න එතනදී තමා අපිට අපේ Digital Personal Assistant ගේ සහය ඕන වෙන්නේ. Digital device එකක් විදිහට Alexa අපේ ළඟින්ම තියාගත්තම අපිට ගොඩක් වැඩ කරගන්න පුලුවන්.

Cedars-Sinai කියන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වල තියෙන රෝහලක්. ඉතින් මේ රෝහල Smart hospital එකක් විදිහට convert කරන කොට “Amazon Eco” කියන Smart Speakers රෝහලේ රෝගී කාමර සීයයක් සඳහා යොදවන්න සැලසුම් කරලා තියෙනවා. එයින් ඔවුන් රෝහල් කාමරේ සිටින රෝගියාට “Digital Personal Assistant” කෙනෙක්, ඒ කියන්නේ Alexa ව ලබා දීලා රෝගියාගේ කටයුතු යම්තාක් දුරට පහසු කරන්න දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ ක්‍රමයෙන් රෝගියාත් රෝගියා භාරව සිටින වෛද්‍යවරුන්වත්, හෙදියන් අතරත් ඇති සම්බන්ධතාවය වැඩිදියුණු කරන්න පුලුවන් කියලා සදහන් කරනවා.

උදා :-  රෝගියාට උදේ නවයට බෙහෙත් බොන්න ඕනේ නම් ඒ ගැන ඒ රෝගියා භාරව ඉන්න හෙදියට ඒ ගැන Reminder එකක් Alexa මඟින් තියාගන්න පුළුවන්. එවිට හෙදියට අවශ්‍ය ඖෂධ රැගෙන රෝගියා කරා නියමිත වෙලාවට පැමිණීමට පුලුවන්.

ලංකාවට මේ ක්‍රමය ආවොත්…?

Image Copyright: Phys.org

ඇත්තෙන්ම මේක ගොඩක් පහසු ඒ වගේම වාසිදායක ක්‍රමයක් විදිහට දකින්න පුලුවන්.ඉතින් මේ වගේ ක්‍රමයක් අපේ රටෙත් ඇති කරන්න උත්සාහ කරොත් ගොඩක් වාසිදායක වෙන්න පුලුවන්. රෝගියාට අවශ්‍ය වෙලාවට බෙහෙත් ගන්න මතක් කරන්න, කෑම සපයන්න , ඒ වගේම වෛද්‍යවරයාට රෝගියා නිරීක්ෂණය කරන්න , රෝගියාට හදිසි අවස්ථාවකදී දැනුම් දෙන්න පුලුවන් වීම වගේම රෝගියා Alexa එක්ක නිතර නිතර කතා කිරීමට පුළුවන් වීම නිසා රෝගියාගේ මානසික නීරෝගිතාවය යම්තාක් දුරට ඉහළ යෑමේ ප්‍රවණතාවක් අපිට දැකගන්න පුළුවන් වෙයි.


මේ වගේ නූතන තාක්ෂණයේ නවතම භාවිතයන් ගැන අපි තවත් ලිපියකින් හමුවෙමු.