2013 දී Google හරහා වැඩිපුරම සෙවූ දේ?

0

Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව 2013 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීඹට සමත් වූ මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කලා. Google සෙවුම් යන්ත්‍රය යොදාගනිමින් කරන ලද සෙවුම් පිළිබඳ දත්ත අනුසාරයෙනුයි මේ ලැයිස්තුව සකස් කර ඇත්තේ.

ඒ අතරින් මුල් තැන හිමිවන්නේ නෙල්සන් මැන්ඩෙලා (Nelson Mandela) හටයි. නෙල්සන් මැන්ඩෙලා ගේ අභාවයත් සමඟම ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතා බහට ලක්වූ අතර දෙවැනිතැන හිමි කරගන්නේ පෝල් වෝකර් (Paul Walker) ය. හදිසි රිය අනතුරකින් සිදුවූ පෝල් වෝකර්ගේ අභාවය කොයි කාටත් වඩා ලංකාවේ අපි අතර කතා බහට ලක් වූ මාතෘකාවක් වූ බව නොරහසක්.

තෙවන ස්ථානය හිමිවන්නේ iPhone 5S ටයි. මුල් 10 අතරේ තාක්ෂණික මෙවලම් (Gadgets) වලට වැඩි තැනක් හිමි වී ඇති අතර අටවන සහ නව වන ස්ථානයේ සිටින්නේ ද Galaxy S4 සහ Sony PlayStation 4 වීම ඊට නිදසුනක්. Harlem Shake නම් විශේෂ සංගීතය හා නර්තන විලාශයට 5 වන ස්ථානය හිමි වුවත් අනෙකුත් ස්ථාන හිමිකරගන්නේ යම් යම් සිදුවීම් පාදක කරගත් මාතෘක කිහිපයකි.

Zeitgeist-GIF-Small

මීට අවමතරව ලොව පුරා තෝරාගත් ස්ථාන කිහිපයක වසර පුරාවට එක් එක් කාල සීමාව තුලදී Google සෙවුම් යන්ත්‍රය හරහා වැඩි වශයෙන්ම සොයා බැලූ දේ පිළිබඳවත් ත්‍රිමාණ සිතියමක් යොදාගනිමින් ඉදිරිපත් කිරීමට Google සමාගම කටයුතු යොදා ඇත. නමුත් අවාසනාවකට ඒ සිතියමේ දත්ත අතර ලංකාව සටහන් නොවේ. අපට ආසන්නම රට වන ඉන්දියාවේ දත්ත කොතෙක් දුරට ගැලපේ ද යන්න ඔබම තීරණය කරන්න.

පහතින් දැක්වෙන්නේ 2013 වසරේ දී වැඩිපුරම මහජන අවධානයක් දිනාගත් 10 යි. මීට අමතරව එක් එක් අංශ ඔස්සේ වැඩිම අවධානයක් දිනාගත් දේ පිළිබඳවත් Google සමාගම සිය නිල වෙබ් අඩවියේ පළ කර ඇත.

.

Source: Google Trends