මොකද්ද මේ YouTube එකට එන “Shopping Ads”

0
940
Image Copyright : TechCrunch

Google කියන්නේ ගොඩක් සේවාවන් සපයන සමාගමක්. ඒ සේවාවන් අතර YouTube කියන්නේ මුළු ලෝකයේම මෙන්ම ලංකාවෙත් ඉතාමත් ප්‍රසිද්ධ සේවාවක්. ඉතිං Google සමාගම විසින් නුදුරේදීම YouTube වලට එකතුවෙන අලුත් දෙයක් පිළිබඳව දැනුම්දීමක් කරා. ඒ තමයි, “Shopping Ads”.

මෙහිදී විවිධ භාණ්ඩ සහ සේවාවන් සපයන සමාගම් වලට ඔවුන්ගේ භාණ්ඩ සහ සේවාවන් ගැන දැන්වීම් “YouTube home feed” වල සහ “Search results” වලදී ප්‍රචාරය කිරීමට හැකියාව ලැබෙනවා. උදාහරණයක් විදිහට ඔබ Puma පාවහන් පිළිබඳව Review Video එකක් search කිරීමේදී “Shopping Ads” හරහා Puma පාවහන් ලැයිස්තුවක් suggestions විදිහට Video List එකට කලින් පලකිරීමට හැකියාව පවතිනවා. මෙම සේවාව එක් එක් YouTube පරිශිලකන්ගේ රුචිකත්වය පරිදි වෙනස්වන පරිදි සකස්කරීමට හැකියාව පවතිනවා.

Image Copyright : TechCrunch

මේ වගේ “Shopping Ads” සේවාවන් මෑත කාලයේ බොහෝ ජනප්‍රිය Apps, Websites වලදී දැක ගැනීමට හැකියාව ඇති අතර එමඟින් භාණ්ඩ විකුණුම්කරුවන්ට වෙළඳපොළට තම භාණ්ඩ හා සේවාවන් හඳුන්වාදීම පහසුවී තිබෙනවා. තවද ගැණුම්කරුවන්ටද එම භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට පහසුවී තිබෙනවා.

දැනටමත් YouTube හී Video එකක් ආරම්භයේදී, Video එකක් අතරතුරදී සහ Video එකක් අවසානයේදී විවිධ ප්‍රචාරක දැන්වීම් දැකගැනීමට හැකි අතර ගොඩක් දෙනෙක් ඒ පිළිබඳව එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ. එයට හේතුව වශයෙන් බොහෝ දෙනෙකු කියා සිටින්නේ, විශේෂයෙන්ම Video එකක් නරඹන අතරතුර Play වන “Ads” නිසා රසවින්දනයට බාදා ඇතිවන බවයි. කොහොම වුවත් ඉදිරියේදී පැමිණීමට නියමිත “Shopping Ads” සේවාවේදී එවැනි දෙයක් සිදුනොවනු ඇති බවට බලාපොරොත්තු විය හැකිය.