Cartoon ලෝකයේ රජුන් ලෙස නම් ලද Disney සමාගම විසින් 1994 වර්ෂයේදී එළිදක්වන ලද ලෝකප්‍රකට “The Lion King” කාර්ටූන් චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කිරීමට Disney’s සමාගම විසින් තීරණය කොට ඇත. වසර 24 පමණ පැරණි මෙම කාර්ටුන් චිත්‍රපටය වර්තමාන ලෝකයේද මහත් ප්‍රසිද්ධියක් උසුලයි. මෙම ලෝකප්‍රකට “The Lion King” චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණ කටයුතු ප්‍රවීන අධ්‍යක්‍ෂ වරයෙකු වන ‘Jon Favreau’ ගේ අධ්‍යක්ෂණයෙන් සිදු කෙරේ. මෙම ප්‍රතිනිර්මාණය 3D තාක්ෂණයෙන් එළැඹෙන 2019 වර්ෂයේ July 19 දින එළිදක්වන බව සඳහන් වේ.

යාවත්කාලීන වන Cartoon ලෝකයට එක්වීමට නියමිත මෙම ප්‍රතිනිර්මාණය, Boxoffice වාර්තා ද ප්‍රතිනිර්මාණය කරනු ඇති බව අපගේ මතය වේ.

Image Copyright: Wikipedia
Image Copyright: Disney News
Image Copyright: YouTube

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here